lakbima.lk


ශ්‍රී ලංකා-බංග්ලාදේශ අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (01දා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 8ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.
මේ අනුව තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ
පළමු තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර, දෙවැනි තරගය ජයගත් බංග්ලාදේශය තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 43කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 193ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 20.4කදී කඩුලු 4ට ලකුණු 101ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නවතා දැමීමට සිදුවිය.
මේ වන විට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව හිමිව තිබූ ලකුණු 93ක ඉලක්කය බංග්ලාදේශය පසුකර සිටියේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 127කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 83ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළේය.
අවිශ්ක තරිඳු පන්දු 50කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 43ක්ද, නිපුන් ධනංජය ලකුණු 23ක්ද රැස් කළ අතර, සෙසු පිතිකරුවෝ අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාව පසුකර යාමට නොහැකි විය.
බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෂහිම් අලාම් ලකුණු 43ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, ෂරිෆුල් ඉස්ලාම් ලකුණු 49ට කඩුලු 3ක්ද, මිතුන්ජෝයි චෞද්රි ලකුණු 42ට කඩුලු 2ක්ද බිඳ හෙළීය.
ලකුණු හඹා ගිය බංග්ලාදේශය වෙනුවෙන් අක්බර් අලී නොදැවී ලකුණු 30ක් සහ ෂමීම් පට්වාරි නොදැවී ලකුණු 27ක් රැස් කරමින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ නවෝද් පරණවිතාන පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 31ට කඩුලු 2ක් බිඳ හෙලූ අතර, අශේන් ඩැනියෙල් ලකුණු 15ට කඩුලු 2ක් බිඳ හෙළීය.
මෙම තරගාවලියේ තෙවැනි එක්දින තරගය හෙට (3දා) දඹුල්ල ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
ලකුණු තත්ත්වය :-
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල: 192/9 (පන්දුවාර 43)
නවෝද් පරණවිතාන 83, මුදිත ප්‍රේමදාස 4, මොහොමඩ් ෂමාස් 12, නිපුන් ධනංජය 23, ෂොනාල් දිනූෂ 2, අවිෂ්ක තරිඳු 43, ලක්ෂාන් ගමගේ 2, චමිඳු විජේසිංහ 5, රවීන් ද සිල්වා 3, අශේන් ඩැනියෙල් නොදැවී 0, රොහාන් සංජය නොදැවී 0,
ෂහින් අලාම් 43/4, ෂරිෆුල් ඉස්ලාම් 49/3, මිතුන්ජෝයි චෞද්රි 42/2
බංග්ලාදේශ අවු. 19න් පහළ පිල: 101/4 (පන්දුවාර 20.4)
අක්බාර් අලි (නොදැවී) 30, ශමීම් පට්වාරි (නොදැවී) 27, අමිත් හසන් 13, හසන් ජෝයි 13, අශේන් ඩැනියෙල් 15/2, නවෝද් පරණවිතාන 31/2, චමිඳු විජේසිංහ 25/0, රවීන් ද සිල්වා 16/0, රොහාන් සංජය 14/0
(පමෝද්)

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අවුරුදු 19න් පහළ පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.  මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50දී කඩුළු 9ට ලකුණු 207ක් ලබාගත් අතර බංග්ලාදේශය පන්දුවාර  13.2 දී කඩුළු 1ට ලකුණු 66ක් ලබා සිටියේය.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සොනාල් දිනූෂ (59) නිපුන් ධනංජය (32) නවෝද් පරණවිතාණ (33)  පිත්තෙන් දස්කම් දැක්වූහ.  ශ්‍රී ලංකාව පන්දුවාර 50දී 207/9යි (නවෝද් පරණවිතාණ 33, නිපුන් ධනංජය 32 සොනාල් දිනූෂ 59, අවිශ්ක තරිඳු 23, එම්. චවුද්‍රි 46/4, ෂරිෆුල් ඉස්ලාම් 50/2, රකිබුල් හසන් 25/2.

බංග්ලාදේශය පන්දුවාර 13.2කදී 66/1යි.

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මුම්බායිහි පැවැති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 224ක ජයක් වාර්තා කළ ඉන්දියාව තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.  මේ අනුව තීරණාත්මක අවසන් එක්දින තරගය 1දා පැවැත්වේ.

මෙම තරයේදී මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව රෝහිත් ෂර්මා සහ අම්බති රයිදුගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් පන්දුවාර 50දී කඩුලු 5 ලකුණු 377ක් රැස් කිරීමට සමත් විය.  ලකුණු 378ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිලට පන්දුවාර 36.2කදී සියල්ල දැවී ලබාගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා පන්දු 137කදී හතරේ පහර 20ක් සහ හයේ පහර 4ක් සහිතව ලකුණු 162ක් වාර්තා කිරීමට සමත් විය.  ඔහුට අනගි සහයක් දුන් අම්බති රයිදු පන්දු 81කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සහිතව ලකුණු 100ක් ලබාගත් අතර, ෂර්මා සහ රයිදු අතර තෙවැනි කඩුල්‍ලේ සම්බන්ධතාවය ලකුණු 211ක් ලෙස වාර්තා විය.

ලකුණු හඹායාමේදී කොදෙව් පිතිකරුවන් අසාර්ථක වූ අතර, නායක ජේසන් හෝල්ඩර් පන්දු 70කදී එක් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 54ක් ලබා ගත්තේය.  ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ කලීඩ් අහමඩ් ලකුණු 13ට කඩුලු 3ක්ද, කුල්දීප් යදාව් ලකුණු 42ට කඩුලු 3ක්ද බිඳ හෙළීය.

ලකුණු තත්ත්වය :-

ඉන්දියාව පන්දුවාර 50දී - 377/5යි

රෝහිත් ෂර්මා 162, ධවාන් 38, රයිදු 100, කිමාර් රෝච් 74/2

බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 36.2කදී - 153යි

ජේසන් හෝල්ඩර් නොදැවී 54, කලීඩ් අහමඩ් 13/3, කුල්දීප් යදාව් 42/3

සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර පළමු දෙදින පුහුණු ක්‍රිකට් තරගය අද (30දා) එන්.සී.සී. පිටියේදී ආරම්භ වෙයි.
එංගලන්ත පිල ජෝ රූට් විසින් මෙහෙයවනු ලබන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල ලහිරු තිරිමාන්න විසින් මෙහෙයවනු ලබයි.
ක්‍රිකට් සභාපතිගේ පිලට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබිම කැපී පෙනෙයි.
ටෙස්ට් ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා එම සංචිතයට කැඳවා තිබේ.
අත් දෙකෙන්ම පන්දු යැවිය හැකි නවක තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ද මෙම සංචිතයට නම්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ එංගලන්තය අතර දෙවැනි පුහුණු තරගය නොවැම්බර් 1 සහ 2දා සී.සී.සී. පිටියේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 6දා ගාල්ලේදී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල

ලහිරු තිරිමාන්න (නායක), කෞෂාල් සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, මනෝජ් සරත්චන්ද්‍ර, අශාන් ප්‍රියන්ජන්, ජෙෆ්රි වැන්ඩසේ, කසුන් රාජිත, ලහිරු කුමාර, නිශාන් පීරිස්, ෂෙහාන් මධුෂංක, රොෂේන් සිල්වා, පැතුම් නිශ්ශංක

එංගලන්ත සංචිතය

ජෝ රූට් (නායක),
මොයින් අලී, ජොනී බේස්ටෝව, රෝරි බර්න්ස්, ජොස්
බට්ලර්, ජෝ ඩෙන්ලි, කේට්න් ජෙනින්ග්ස්, ජැක් ලීච්,
ඔලී ‍පෝප්, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, ඔලී ස්ටෝන්, ජේම්ස් ඇන්ඩර්සන්,
ස්ටුවර්ට් බ්‍රෝඩ්, සෑම් කරන්, අදිල් රෂීඩ්

පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති තෙවැනි 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 33ක ජයක් වාර්තා කළ පාකිස්තානය තරගාවලිය 3-0කින් ජය ගත්තේය.
තරග තුනකින් සමන්විත මෙම 20-20 ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තානය තරග තුනම ජය ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 150ක් රැස් කළ අතර, ඕස්ට්‍රේලියානු පිළිතුරු ඉනිම පන්දුවාර 19.1කදී ලකුණු 117කට සීමා විය.
පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ෂඩාබ් ඛාන් ලකුණු 19ට කඩුලු 3ක් බිඳ හෙළමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, ආරම්භක පිතිකරු බාබර් අසාම් අර්ධ ශතකයක් වාර්තා කළේය.

ලකුණු තත්ත්වය :-
පාකිස්තානය පන්දුවාර 20දී - 150/5යි
බාබර් අසාම් 50, සහිබ්සාඩා ෆර්හාන් 39, මොහොමඩ් හෆීස් (නොදැවී) 32, ෂොයබේ මලික් 18, මාෂ් 6/2
ඕස්ට්‍රේලියාව පන්දුවාර 19.1දී - 117යි
ඇලෙක්ස් කෙරී 20, ක්‍රිස් ලින් 15, බෙන් මැක්ඩමට් 21, මිචෙල් මාෂ් 21,
ෂඩාබ් ඛාන් 19/3, හසන් අලී 14/2

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති අවු. 19න් පහළ දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 74ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන්කර ගැනීමට සමත් විය.  ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රොහාන් සංජය මුළු තරගයේදී කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 351ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 276කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.  මුල් ඉනිමේදී ලකුණු 17ට කඩුලු 5ක් බිඳ හෙලූ වමත් පා දඟ පන්දු යවන රොහාන් සංජය දෙවැනි ඉනිමේදී ලකුණු 96ට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, ඔහුට අනගි සහයක් ලබා දුන් සඳුන් මෙන්ඩිස් ලකුණු 45ට කඩුලු 3ක් බිඳ හෙළීය.

කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේදී බංග්ලාදේශ දෙවැනි ඉනිම වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ මැද පෙළ පිතිකරු අක්බාර් අලි පන්දු 113කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 90ක් රැස් කළේය.  මහමුදුල් හසන් ජෝයි (26) සහ අක්බාර් අලි 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සම්බන්ධතාවක් ගොඩනැංවුවද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

ලකුණු තත්ත්වය :-

ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල: පළමු ඉනිම - 226 (පන්දුවාර 91) නවෝද් පරණවිතාන 79, කමිල් මිෂාර 52, ෂහීන් අලාම් 37/5

බංග්ලාදේශ අවු. 19න් පහළ පිල: පළමු ඉනිම - 109 (පන්දුවාර 36) හසන් තමිම් 50, රොහාන් සංජය 17/5, අශේන් ඩැනියෙල් 37/5

ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල: දෙවැනි ඉනිම - 233/9 (පන්දුවාර 92) නවෝද් පරණවිතාන 36, නිපුන් ධනංජය 23, ෂොනාල් දිනූෂ 37, සඳුන් මෙන්ඩිස් 36, චමිඳු විජේසිංහ 55, රකිබුල් හසන් 93/7

බංග්ලාදේශ අවු. 19න් පහළ පිල: දෙවැනි ඉනිම - 276 (පන්දුවාර 83.1) අක්බාර් අලි 90, හසන් තමිම් 37, සජිඩ් හොසේන් 36, මහමුදුල් හසන් ජෝයි 26, ම්රිටුන්ජෝයි චවුද්රි 23, රොහාන් සංජය 96/5, සඳුන් මෙන්ඩිස් 45/3, නවින් ප්‍රනාන්දු 6/0, චමිඳු විජේසිංහ 23/1, අශේන් ඩැනියෙල් 87/1, නවෝද් පරණවිතාන 12/0

(පමෝද්)

Page 2 of 6

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.