lakbima.lk

2018ICC සම්මාන උළෙලේදී වාර්තාවක් තැබීමට ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි සමත්විය.

වසරේ ICCක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයත්, 2018  ICCටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හා 2018 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වයත් සමග ප්‍රධානපෙළේ සම්මාන තුනම දිනාගැනීමට කෝලි සමත් විය.

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඇඩිලේඩ් ක්‍රිකට් පිටියේ දී පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දියාව ඊයේ (15) සමත් විය. ඒ සමග තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට  ඉන්දියාවට හැකිවිය

සංචාරක පකිස්ථාන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 107 ක ජයක් ලැබූ දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 381 ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 273 කට සීමා කිරීමට ඩුඈන් ඔලිවර් සහ කගිසෝ රබාඩා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 262
(ඒඞ්න් මාක්‍රම් 90, හෂීම් අම්ලා 41, තියුනිස් ඩි’බ්‍රයන් 49, සුබායර් හම්සා 41, ක්වින්ටින් ඩි’කොක් 18, ෆාහීම් අෂ්රෆ් 57/3, මොහොමඞ් අමීර් 36/2, මොහොමඞ් අබ්බාස් 44/2 හසන් අලී 75/2)

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 185
(ඉමාම් උල්හක් 43, බාබර් අසාම් 49, සර්ෆරාස් අහමඞ් 50, ඩුඈන් ඔලිවර් 51/5, වර්නන් පිලැන්දර් 43/3, කගිසෝ රබාඩා 41/2)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 303
(ඒඞ්න් මාක්‍රම් 21, හෂීම් අම්ලා 71, ටෙම්බා බවුමා 23, ක්වින්ටින් ඩි’කොක් 129, කගිසෝ රබාඩා 21, ශඩාබ් ඛාන් 41/3, ෆාහිම් අෂ්රෆ් 42/3, මොහොමඞ් අමීර් 56/2)

පාකිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 273
(ඉමාම් උලහක් 35, ශාන් මසූද් 37, අසාද් ශෆීක් 65, බාබර් අසාම් 21, ශඩාබ් ඛාන් නොදැවී 47, හසන් අලී 22, ඩුඈන් ඔලිවර් 74/3, කගිසෝ රබාඩා 75/3, ඬේල් ස්ටේන් 80/2)

ඉන්දියාව වසර 71 ට පසු ඕස්ට්‍රේලියානු භූමියේ දී ම එරට පරදවා ජයග්‍රහණය කිරීමට අද (07) සමත් විය. ඒ 2-1 ක් ලෙසයි. ඉන්දියාව මෙම ජයග්‍රහණය වාර්තා කළේ ඇඩිලේඩ්හි ප්‍රථම තරඟයෙන් හා මෙල්බර්න් හි පැවති තෙවන ටෙස්ට් තරඟයෙනි. කිසිදු ඉන්දීය ක්‍රිකට් පිළකට 1947 – 48 කාල පරිච්ඡේදයෙන් අනතුරුව මේ ආකාරයේ විජයග්‍රහණයක් වාර්තා කිරීමට නොහැකි වීම විශේෂත්වයකි.

තරඟයේ පස් වන දින අධික වැසිබර කාලගුණය හේතුවෙන්  ක්‍රීඩා කිරීමට නොහැකි විය. ඒ අනුව 4 වන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා ඉන්දීය පිළට සමස්ත තරඟාවලි‍ය ජය ගැනීමට හැකි විය. ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු පිළට ජයගත හැකි වූයේ එක් ටෙස්ට් තරඟයක් පමණී.  විරාත් කෝලි විසින් සිය ක්‍රිකට් ජීවිතයේ හොඳම ශතකය මෙහි වාර්තා කිරීම විශේෂත්වයකි.

උත්පලා ප්‍රබුද්ධිකා

සංචාරක ඕස්ට්‍රේලියා 19න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමග තරඟාවලියේ පළමු තරඟය අද (03) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී පැවැත් වේ. ශ්‍රී ලංකා කණ්ඩායම නිපුණ ධනංජය විසින් මෙහෙයවන අතර  ඕස්ට්‍රේලියා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන්නේ විල් සදර්ලන්ඩ් විසිනි.

2020 පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවනු ඇත. ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 12 ක් සහභාගි වන අතර කණ්ඩායම් 8 ක් සෘජුවම ඊට සුදුසුකම් ලබා සිටිති.  
අයි සි සී 20-20 ශ්‍රේණිගත කරීම්වල පෙරමුණේ සිට පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය, ඕස්ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ඝනිස්ථානය යන රටවල් ප්‍රධාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබති.  
ශ්‍රේණිගත සටහනේ 9 වැනි සහ 10 වැනි ස්ථාන වල සිටින ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් කණ්ඩායම් 6 ක් ඇතුළත් සුදුසුකම් තේරීමේ තරගාවලියකට සහභාගි විය යුතුය. මෙම තරගාවලියෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් හතරක් පසුව ප්‍රධාන තරගාවලියට එක්වනු ඇත. 2020 ඔක්තෝබර් මස 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය පැවැත්වේ.  
2009, 2012 සහ 2014 දී පිට පිට තුන් වතාවක්ම 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්විය
2014 දී විස්සයි-20 ලෝක ශූරයින් වූෙය් ශ්‍රී ලංකා පිලය

Page 5 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.