lakbima.lk

ඉන්දියාවට ලකුණු 8 ක තියුණු ජයක්

සංචාරක ඕස්ට්‍රේලියාවට එරෙහිව නාග්පූර්හි විදර්භා ක්‍රීඩාංගණයේදී 5 වැනිදා පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය කණ්ඩායමට හැකි විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 250 ක් ලබාගත් අතර එහිදී සිය එක්දින ක්‍රිකට් දිවියේ 40 වැනි ශතකය ලබාගැනීමට නායක විරාට් කෝලි සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 242 ක් පමණි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මාකස් ස්ටොයිනිස් පන්දු 65 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 52 ක් රැස්කළද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහුට නොහැකි විය. 

ඉන්දියාව - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 250 
(ශිකර් ධවාන් 21, විරාට් කෝලි 116, අම්බටි රයිඩු 18, විජේ ශංකර් 46, රවින්ද්‍ර ජදේජා 21, පැට් කමින්ස් 29/4, ඇඩම් සම්පා 62/2) 

ඕස්ට්‍රේලියාව - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 242 
(ඒරන් ෆින්ච් 37, උස්මන් කවාජා 38, ෂෝන් මාෂ් 16, පීටර් හෑන්ඞ්කොම්බ් 48, මාකස් ස්ටොයිනිස් 52, ඇලෙක්ස් කේරි 22, කුල්දීප් යාදව් 54/3, විජේ ශංකර් 15/2, ජස්ප්‍රීට් බුම්රා 29/2) 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.