lakbima.lk

නවසීලන්තය පාකිස්තානය පරාජය කරයි

නවසීලන්තය සහ පාකිස්තානය අතර අබුඩාබිහි පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ටේ‍රන්ට් බෝල්ට්ගේ කඩුලු ත්‍රිත්වය හේතුවෙන් නවසීලන්තය ලකුණු 47ක ජයක් වාර්තා කළේය.
මේ අනුව තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 266ක් රැස් කළ අතර, පාකිස්තානු පිළිතුරු ඉනිම පන්දුවාර 47.2කදී ලකුණු 219කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටේ‍රන්ට් බෝල්ට් පාකිස්තානු මුල් පෙළේ පිතිකරුවන් වන ෆකාර් සමාන් (1), බාබර් අසාම් (0) සහ මොහොමඩ් හෆීස් (0) ඉනිමේ තෙවැනි පන්දුවාරයේ පන්දු තුනකදී පිට පිටම දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේය.
බෝල්ට්ට අනගි සහයක් ලබාදුන් ලුකී ෆර්ගසන් ලකුණු 36ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 40ට කඩුලු 2ක් බිඳ හෙළීය.
නවසීලන්තය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ රොස් ටේලර් පන්දු 112කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 80ක් රැස් කළ අතර, ටොම් ‍ලේතම් පන්දු 64කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 68ක් රැස් කළේය.
ලකුණු තත්ත්වය :-
නවසීලන්තය පන්දුවාර 50දී - 266/9යි
මුන්රෝ 29, විලියම්සන් 27, ටේලර් 80, ‍ලේතම් 68, සවුති 20, සෝඩි 24,
ෂහීන් අෆ්රිඩි 46/4, ෂඩාබ් ඛාන් 38/4
පාකිස්තානය පන්දුවාර 47.2කදී - 219යි
ඉමාම් උල් හක් 34, ෂොයබේ මලික් 30, සෆ්රාස් අහමඩ් 64, ඉමාඩ් වසීම් 50, බෝල්ට් 54/3, ෆර්ගසන් 36/3, ග්‍රෑන්ඩ්හෝම් 40/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.