lakbima.lk

ජෙනින්ග්ස්ගේ ශතකයෙන් එංගලන්තය ප්‍රබල තත්ත්වයක

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (8දා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය  කඩුලු 6 ට ලකුණු 322 ක් ලබා ඉනිම අත්හිටුවීය.
ලකුණු 462 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව දිනය අවසන් වන විට කිසිවෙකු නොදැවී ලකුණු 15 ක් ලබා සිටියේය.
ඊයේ සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කරමින් එංගලන්තය ප්‍රබල ස්ථානයකට රැගෙන යාමට කේට්න් ජෙනින්ග්ස් සමත් විය.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට කිසිදු අපහසුවකින් තොරව මුහුණදුන් ජෙනින්ග්ස් මිනිත්තු 371 ක් කඩුල්‍ලේ රැඳී සිටිමින් පන්දු 280 කදී හතරේ පහර 9 ක් සහිතව නොදැවී ලකුණු 146 ක් ලබා ගත්තේය.
ඊයේ පෙරවරුවේ ජෙනින්ග්ස් සහ බර්න්ස් අතර පළමු කඩුල්‍ලේ ලකුණු 60 ක සම්බන්ධතාව බිඳ දමමින් ලකුණු 23 ක් ලැබූ බර්න්ස් දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට දිමුත් සමත්විය.
යළිත් අසාර්ථක වූ මොයින් අලී ලකුණු 3 ක් ලබා සිටියදී දිල්රුවන් හමුවේ පිටියෙන් ඉවත් විය.
මුල් ඉනිමේදී රංගන හමුවේ දැවී ගිය නායක ජෝ රූට් යළිත් ලකුණු 3 කට දවා ගැනීමට රංගන සමත් වීමෙන් තෙවැනි කඩුල්ල ලකුණු 74 දී බිඳ වැටුණි.
ජෙනින්ග්ස්ට එක්වූ බෙන් ස්ටෝක්ස් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සම්බන්ධතවක් තැබිමට සමත් විය.
පන්දු 93 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සහිතව ලකුණු 62 ක් ලබාගත් ස්ටෝක්ස් පිටියෙන් ඉවත් කිරීමට දිල්රුවන් සමත් වීමෙන් පසු ජෙනින්ග්ස්ට බට්ලර් එක්විය.
5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77 ක සම්බන්ධතාවක් වාර්තා වීමෙන් පසු ලකුණු 35 ක් ලබා සිටි බට්ලර් දවා ගැනීමට රංගන සමත් විය. එම කඩුල්ල වෙනුවෙන් කෞෂාල් සිල්වා
විශිෂ්ට උඩ පන්දු රැකීමක නිරත විය.
ඉන්පසු පිටියේ එක්වූ ජෙනින්ග්ස් සහ ෆෝක්ස් ලකුණු 61 ක සම්බන්ධතාවක් තැබූ අතර ෆෝක්ස් ලකුණු 37 කට දැවී යාමෙන් පසු ඉනිම අත්හිටුවීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රංගන සහ දිල්රුවන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
අද තරගයේ සිව්වැනි දිනයයි.

මංගල ධර්මප්‍රේම ගාල්ලේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.