lakbima.lk

ශ්‍රී ලංකා-බංග්ලාදේශ අවු. 19න් පහළ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු 8ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය.  වර්ෂාව හේතුවෙන් පන්දුවාර 41කට සීමා කර පැවැත්වුණු මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 26.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා සිටියදී වර්ෂාවෙන් යළිත් තරගයට බාධා ඇතිවිය.

ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ශ්‍රී ලංකාවට පන්දුවාර 25කදී ලකුණු 161ක ඉලක්කයක් හිමි වූ අතර, වේගවත් පිතිහරඹයක් දියත් කළ ශ්‍රී ලංකාව පන්දුවාර 16.4කදී කඩුලු 2ක් දැවී අදාළ ඉලක්කය පසු කළේය.  ලකුණු හඹා යාමේදී බංග්ලාදේශ පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවාරයකට ලකුණු 10ක සාමාන්‍යයක් පවත්වා ගැනීම කැපී පෙනුණි.

ලකුණු හඹායාමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් පිතිහරඹයක් දියත්කළ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 39කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 62ක් රැස් කළේය. ආරම්භක පිතිකරු යුගලය වන නවෝද් සහ කමිල් මිෂාර (26) මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට සාර්ථක අඩිතාලමක් දමා දුන්හ.

කමිල් මිෂාර පන්දු 12කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 26ක් රැස් කළ අතර, මෙම තරගයේදී ශ්‍රී ලංකා අවු. 19න් පහළ ක්‍රිකට් වරම් හිමිකරගත් රවිඳු රශාන්ත පන්දු 32කදී හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 32ක් රැස් කළේය.  නවෝද් සහ රවිඳු දෙවැනි කඩුල්ලට ලකුණු 49ක් සම්බන්ධතාවයක් ගොඩනැංවූහ.

නායක නිපුන් ධනංජය වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 15කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 38ක් රැස් කළේය.  නිපුන් ධනංජය සහ රවිඳු රශාන්ත තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක නොබිඳුණු සබඳතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය වෙනුවෙන්  ආරම්භක පිතිකරු හසන් තමිම් පන්දු 36කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 38ක් රැස් කළේය.

හසන් තමිම් සහ ප්‍රිටොම් කුමාර් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සම්බන්ධතාවක් පවත්වමින් බංග්ලාදේශයට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.  ශ්‍රී ලංකාව වෙනුවෙන් ලක්ෂාන් ගමගේ ලකුණු 14ට කඩුලු 2ක් දවාලූ අතර, රවීන් සිල්වා ලකුණු 25ට එක් කඩුල්ලක් දවාලීය.  තරගවලියේ තීරණාත්මක සිව්වැනි සහ පස්වැනි එක්දින තරග දෙක නොවැම්බර් 6 සහ 9 දෙදින කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලකුණු තත්ත්වය :-

බංග්ලාදේශ 19න් පහළ පිල: 114/3 (පන්දුවාර 26.4)

හසන් තමිම් 38, හසන් ජෝයි නොදැවී 25, ටව්හිඩ් හිඩොයි 20, ලක්ෂාන් ගමගේ 14/2, රවීන් සිල්වා 25/1, චමිඳු විජේසිංහ 42/0, අශේන් ඩැනියෙල් 16/0, රොහාන් සංජය 13/0

ශ්‍රී ලංකා 19න් පහළ පිල: 161/2 (පන්දුවාර 16.4)

නවෝද් පරණවිතාන 62, කමිල් මිෂාර 26, රවිඳු රශාන්ත නොදැවී 32, නිපුන් ධනංජය නොදැවී 38, ෂමිම් පට්වාරි 22/1, හිල් ගාලිබ් 37/1

(පමෝද්)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.