lakbima.lk

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග 3 කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කළ පාකිස්තානය තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේය. අබුඩාබිහි පැවැති මෙම තරයේ පළමුවෙන් පනදුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 20දී කඩුලු 7ට ලකුණු 153ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 19.4කදී කඩුලු 4ට ලකුණු 154ක් රැස් කරමින් ජය වාර්තා කළේය.

පාකිස්තාන් ජයග්‍රහණය වෙනුවෙන් බාබර් අසාම් පන්දු 41කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 40ක් රැස් කළ අතර, අසීෆ් අලී ලකුණු 38ක්ද, ෆකාර් සමාන් ලකුණු 24ක්ද රැස් කළහ. පන්දු 21කදී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 34ක් රැස් කළ මොහොමඩ් හෆීස් පාකිස්තානු ජය තහවුරු කළේය.

නවසීලන්තය වෙනුවෙන් ඇඩම් මිල්නේ ලකුණු 25ට කඩුලු 2ක් බිඳ හෙළීය.

පාකිස්ථානය වෙනුවෙන් ෂහීන් අෆ්රිඩි පන්දුවාර 4දී ලකුණු 20ට කඩුලු 3ක් බිඳ හෙළීය.

ලකුණු තත්ත්ය :-

නවසීලන්තය පන්දුවාර 20දී - 153/7යි

කොලින් මුන්රෝ 44, කේන් විලියම්සන් 37, කෝරි ඇන්ඩර්සන් (නොදැවී) 44, ෂහීන් අෆ්රිඩි 20/3

පාකිස්තානය පන්දුවාර 19.4කදී - 154/4යි

ෆකාර් සමාන් 24, බාබර් අසාම් 40, අසීෆ් අලී 38, මොහොමඩ් හෆීස් (නොදැවී) 34, ඇඩම් මිල්නේ 25/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.