lakbima.lk

සිංගප්පූරුවේ පැවැත්වෙන 11 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ දෙවැනි වටය යටතේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ඊයේ (4දා) පැවැති තරගයෙන් ලකුණු 74-61ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

මේ අනුව ශ්‍රී ලංකාව වසරක් තුළ සිංගප්පූරුව පිට පිටම පරාජය කළ තෙවැනි අවස්ථාව ලෙස මෙය සටහන් විය.

ඊයේ පැවැති තරගයේ පළමු කාර්තුව 18-12ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකාව දෙවැනි  කාර්තුව 19-16ක් ලෙසද, තෙවැනි කාර්තුව 21-14ක් ලෙසද ජය ගැනීමට සමත් විය. තරගයේ සිව්වැනි කාර්තුව ලකුණු 19-16ක් ලෙස ජය ගැනීමට සිංගප්පූරුව සමත් වුවද ශ්‍රී ලංකාවේ මුළු ලකුණු සංඛ්‍යාව පසු කිරීමට එය ප්‍රමාණවත් නොවීය.

ඊයේ තරගයේ පළමු ක්‍රීඩිකාවන් හත්දෙනා ලෙස තර්ජනී සිවලිංගම් , හසිතා මෙන්ඩිස් , දුලංගි වන්නිතිලක , ගයංජලී අමරවංශ , නෞජලී රාජපක්ෂ , ගයනි දිසානායක , චතුරංගි ජයසූරිය ක්‍රීඩා කරමින් සාර්ථක ආරම්භයක් ලබාදී තිබේ. පසුගිය ආසියානු ශූරියන් වන මලයාසියාව ඊයේ හොංකොංට එරෙහිව ලකුණු 53-43ක ජයක් වාර්තා කළ අතර, අද (5දා) ශ්‍රී ලංකාව සහ මලයාසියාව තරග බිමට පිවිසෙයි. දෙවැනි වටයේ සහභාගි වූ පළමු තරග දෙකම පරාජය වී සිටින සිංගප්පූරුව සහ හොංකොං අතර තරගයද අද පැවැත්වේ.

(ශිරන්ති)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.