lakbima.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 20-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් දඹුල්ලට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කළ කොළඹ ශූරතාව දිනා ගැනීමට සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් දඹුල්ල පන්දුවාර 20දී කඩුලු 8ට ලකුණු 163ක් ලබාගත් අතර, කොළඹ පන්දුවාර 18.2කදී කඩුලු 3ට ලකුණු 167ක් වාර්තා කරමින් ජය ගත්තේය.

කොළඹ වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 55කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 9ක් සහිතව නොදැවී ලකුණු 104ක් ලබමින් තරගයේ වීරයා බවට පත්විය.

කඩුලු 3ක් ලකුණු 77කට දැවී ගිය අවස්ථාවේ පිටියේ එක්වූ උපුල් තරංග සහ ෂෙහාන් ජයසූරිය සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 90ක සම්බන්ධතාවක් තබමින් කොළඹ ජය තහවුරු කළහ. තරංගට අනගි සහයක් ලබා දුන් ෂෙහාන් ජයසූරිය පන්දු 22කදී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 35ක් ලබා සිටියේය.

මුලින්ම පන්දුවට පහර දුන් දඹුල්ල වෙනුවෙන් රමිත් රඹුක්වැල්ල ලකුණු 57ක්ද, හසිත බෝයගොඩ ලකුණු 40ක්ද වාර්තා කළේය.

ලකුණු තත්ත්වය :-

දඹුල්ල පන්දුවාර 20දී - 163/8යි

ධනුෂ්ක ගුණතිලක 2, රමිත් රඹුක්වැල්ල 57, දිල්රුවන් පෙරේරා 6, සධීර සමරවික්‍රම 10, අශාන් ප්‍රියන්ජන් 9, තිසර පෙරේරා 4, හසිත බෝයගොඩ 40, වනිඳු හසරංග 22, ඉසුරු උදාන (නොදැවී) 0, ෂෙහාන් මධුෂංක (නොදැවී) 4, අකිල ධනන්ජය 37/2, සම්මු අශාන් 24/1, කමිඳු මෙන්ඩිස් 33/1, ෂෙහාන් ජයසූරිය 25/0, නුවන් ප්‍රදීප් 13/0, ජීවන් මෙන්ඩිස් 27/2

කොළඹ පන්දුවාර 18.2කදී - 167/3යි

අවිශ්ක ප්‍රනාන්දු 2, උපුල් තරංග (නොදැවී) 104, ලහිරු මධුෂංක 11, ප්‍රියමාල් පෙරේරා 12, ෂෙහාන් ජයසූරිය (නොදැවී) 35, අමිල අ‍පෝන්සු 27/1, දිල්රුවන් පෙරේරා 36/1, ධනුෂ්ක ගුණතිලක 24/0, අශාන් ප්‍රියන්ජන් 17/0, ඉසුරු උදාන 26/1, රමිත් රඹුක්වැල්ල 7/0, වනිඳු හසරංග 15/0, ෂෙහාන් මධුෂංක 15/0

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.