lakbima.lk

දසුන්ගේ වේගවත් ශතකයෙන් මහනුවර දෙවැනි ජය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන 20-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැ‍ලේදී පැවැති ගාල්ල සහ මහනුවර අතර තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මහනුවර සමත් විය.
මෙය මහනුවර වාර්තා කළ දෙවැනි ජයග්‍රහණය ලෙස සටහන් වෙයි.
මුලින්ම පන්දුවට පහර දුන් ගාල්ල පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 196ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර පන්දුවාර 19.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 199ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ දසුන් ශානක මෙම තරගයේදීද නොදැවී වේගවත් ශතකයක් වාර්තා කරමින් මහනුවර ජය තහවුරු කළ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ චරිත් අසලංක ලකුණු 14ට කඩුලු 4ක් බිඳ හෙළීය.
දසුන් ශානක පන්දු 52කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 105ක් රැස් කරමින් ඇන්ජලෝ මැතිව්ස් සමග (46) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනංවමින් මහනුවර ජය මාවත විවර කර දුන්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල වනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 17කදී හතරේ පහර 5ක් සහ හය් පහර 3ක් සමගින් වේගවත් ලකුණු 43ක් රැස් කළ අතර, ඇන්ජලෝ පෙරේරා ලකුණු 47ක්ද, අසේල ගුණරත්න නොදැවී ලකුණු 46ක්ද රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ.
චරිත් අසලංක ලකුණු 14ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, ප්‍රහාරයකට ලක්වූ ලසිත් මාලිංග ලකුණු 52කට එක් කඩුල්ලක් බිඳ හෙළීය.
මෙම තරගාවලිය යටතේ කොළඹ සහ දඹුල්ල අතර ඊයේ රාත්‍රී පැවැති තරගය පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් අවසන් වී නොතිබුණි.
ලකුණු තත්ත්වය :-
ගාල්ල පන්දුවාර 20දී - 196/5යි
කුසල් මෙන්ඩිස් 43, ලහිරු මිලන්ත 24, දිමුත් කරුණාරත්න 4, ධනංජය ද සිල්වා 4, ඇන්ජලෝ පෙරේරා 47, අසේල ගුණරත්න (නොදැවී) 46, සහන් ආරච්චිගේ (නොදැවී) 1, චරිත් අසලංක 14/4, ලසිත් මාලිංග 52/1, ලහිරු ගමගේ 37/0, දසුන් ශානක 40/0, මලින්ද පුෂ්පකුමාර 33/0, තික්ෂිල ද සිල්වා 10/0
මහනුවර පන්දුවාර 19.2කදී - 199/5යි
කුසල් ජනිත් 9, ලහිරු තිරිමාන්න 4, ඇන්ජලෝ මැතිව්ස් 46, දසුන් ශානක (නොදැවී) 105, භානුක රාජපක්ෂ 6, තික්ෂිල ද සිල්වා 6, චරිත් අසලංක (නොදැවී) 8, ධනංජය ද සිල්වා 9/2, සහන් ආරච්චිගේ 27/1, දුෂ්මන්ත චමීර 41/1, කසුන් රාජිත 45/1, අසේල ගුණරත්න 12/0, ජෙහාන් ඩැනියෙල් 14/0, ප්‍රභාත් ජයසූරිය 33/0, ඇන්ජලෝ පෙරේරා 17/0

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.