lakbima.lk

තියුණු සටනකින් පසු දඹුල්ලට ලකුණු 6ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන 20-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති දඹුල්ල සහ මහනුවර අතර තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 6ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් දඹුල්ල පන්දුවාර 20දී කඩුලු 4ට ලකුණු 217ක් ලබාගත් අතර, මහනුවර පන්දුවාර 20දී කඩුලු 7ට ලකුණු 211ක් වාර්තා කළේය.
දඹුල්ල වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ ධනුෂ්ක ගුණතිලක පන්දු 54කදී හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 87ක් වාර්තා කළේය.
ධනුෂ්ක සහ රමිත් රඹුක්වැල්ල අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 85ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර, රඹුක්වැල්ල ලකුණු 38ක් ලබා ගත්තේය.
මහනුවර වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලහිරු ගමගේ කඩුලු 2ක් බිඳ හෙලූ අතර, චරිත් අසලංක සහ නිසල තාරක එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී මහනුවර කඩුලු 3ක් ලකුණු 17ක් තුළ බිඳ වැටුණද දසුන් ශානක සහ චරිත් අසලංක එක්ව ලකුණු 96ක සම්බන්ධතාවක් තබමින් සටනට අවතීර්ණ වූහ.
දසුන් ශානක පන්දු 46කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සහිතව ලකුණු 81ක් වාර්තා කළ අතර, චරිත් අසලංක පන්දු 24කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 43ක් ලබා ගත්තේය.
අවසන් මොහොතේ සටනක් දුන් නිසල තාරක පන්දු 22කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 34ක් වාර්තා කළද එය පරාජය වළක්වා ගැනීමට ප්‍රමාණවත් නොවීය.
දඹුල්ල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දිල්රුවන් පෙරේරා සහ කසුන් මධුෂංක කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර, ධනුෂ්ක ගුණතිලක සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.
ලකුණු තත්ත්වය :
දඹුල්ල පන්දුවාර 20දී - 217/4යි
ධනුෂ්ක ගුණතිලක 87, රමිත් රඹුක්වැල්ල 38, සධීර සමරවික්‍රම 23, අශාන් ප්‍රියන්ජන් 1, වනිඳු හසරංග නොදැවී 27, ඉසුරු උදාන නොදැවී 27, ලහිරු ගමගේ 42/2, චරිත් අසලංක 57/1, නිසල තාරක 35/1, ලසිත් මාලිංග 25/0, තික්ෂිල ද සිල්වා 15/0, ජනක සම්පත් පෙරේරා 24/0, මලින්ද පුෂ්පකුමාර 13/0
මහනුවර පන්දුවාර 20දී - 211/7යි
තික්ෂිල ද සිල්වා 4, ලහිරු තිරිමාන්න 6, භානුක රාජපක්ෂ 4, දසුන් ශානක 81, චරිත් අසලංක 43, ඩී. ලක්ෂාන් 9, මලින්ද පුෂ්පකුමාර 6, නිසල තාරක නොදැවී 34, ලසිත් මාලිංග නොදැවී 14, දිල්රුවන් පෙරේරා 20/2, ශෙහාන් මධුෂංක 45/2, ධනුෂ්ක ගුණතිලක 20/1, ඉසුරු උදාන 39/1, අමිල අ‍පෝන්සු 33/0, වනිඳු හසරංග 35/0, ලක්ෂාන් සඳකැන් 17/0

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.