lakbima.lk

20-20 ලීග් ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන 20-20 ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (21දා) ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති කොළඹ සහ ගාල්ල අතර තරගයෙන් ලකුණු 90ක ජයක් වාර්තා කිරීමට කොළඹ සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් කොළඹ පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 197ක් රැස් කළ අතර, ගාල්ලට පන්දුවාර 19.2කදී ලබාගත හැකිවූයේ ලකුණු 107ක් පමණි.
මෙම තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සුපිරි 20-20 ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග ශතකයක් වාර්තා කරමින් කොළඹ ජය තහවුරු කළේය.
තරංග පන්දු 67කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 124ක් ලබා ගත්තේය.
කොළඹ මුල් පෙළේ කඩුලු 3ක් ලකුණු 34ක් තුළ බිඳ වැටුණද තරංගට එක්වූ ෂෙහාන් ජයසූරිය සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක සම්බන්ධතාවක් තබමින් ඉනිම ගොඩගැනීමට සමත් වූහ.
අවසන් පන්දුවාර කිහිපයේදී තරංගට එක්වූ ජීවන් මෙන්ඩිස් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සම්බන්ධතාවක් තැබූ අතර, ජීවන් පන්දු 13කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 30ක් ලබා ගත්තේය.
ගාල්ල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ කසුන් රාජිත සහ නිශාන් පීරිස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු 198ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි  ගාල්ල පෙර පෙළ දුර්වල පිතිහරඹයක නිරත වූ අතර, සුපිරි පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල (1), කුසල් මෙන්ඩිස් (1), ධනංජය ද සිල්වා (9) සහ දිමුත් කරුණාරත්න (1) අසාර්ථක වීමෙන් අසීරු තත්ත්වයකට පත් විය.
බිඳ වැටුණු ගාල්ල ඉනිම ගොඩනැංවීමේ සටනක නිරත වූ ඇන්ජලෝ පෙරේරා පන්දු 35කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 54ක් රැස් කළ අතර, අසේල ගුණරත්න ලකුණු 18ක් ලබා ගත්තේය.
අවසන් කඩුලු කිහිපය බිඳ වැටෙද්දී ගාල්ල වෙනුවෙන් සටනක් දුන් ජෙෆ්රි වැන්ඩසේ පන්දු 12කදී ලකුණු 13ක් රැස් කළේය.
කොළඹ වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අකිල  ධනංජය ලකුණු 13ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ලහිරු මධුසංඛ ලකුණු 12ට කඩුලු 2ක්ද, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ජීවන් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
ඊයේ රාත්‍රියේ ආර්. ප්‍රේමදාස පිටියේම පැවැති මහනුවර සහ දඹුල්ල අතර තරගය පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් අවසන් වී නොතිබුණි.

ලකුණු තත්ත්වය :-
කොළඹ පන්දුවාර 20දී - 197/5යි
උපුල් තරංග (නොදැවී) 124, දිනේෂ් චන්දිමාල් 4, මහේල උඩවත්ත 9, සම්මු අශාන් 1, ෂෙහාන් ජයසූරිය 22, චතුරංග ද සිල්වා 3, ජීවන් මෙන්ඩිස් (නොදැවී) 30, සුරංග ලක්මාල් 38/1, කසුන් රාජිත 38/2, නිශාන් පීරිස් 40/2, ජෙෆ්රි වැන්ඩසේ 16/0, අසේල ගුණරත්න 32/0, ධනංජය ද සිල්වා 31/0
ගාල්ල පන්දුවාර 19.2දී - 107යි
නිරෝෂන් දික්වැල්ල 1, කුසල් මෙන්ඩිස් 1, දිමුත් කරුණාරත්න 1, ධනංජය ද සිල්වා 9, ඇන්ජලෝ පෙරේරා 54, අසේල ගුණරත්න 19, ජෙහාන් ඩැනියෙල් 3, ජෙෆ්රි වැන්ඩසේ 13, සුරංග ලක්මාල් 3, නිශාන් පීරිස් 1, කසුන් රාජිත (නොදැවී) 0, අකිල ධනංජය 13/3, ලහිරු මධුෂංක 12/2, ෂෙහාන් ජයසූරිය 9/1, අසිත ප්‍රනාන්දු 23/1, ජීවන් මෙන්ඩිස් 19/1, කමිඳු මෙන්ඩිස් 6/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.