lakbima.lk

ඉතිහාසයේ පළමු වරට ක්‍රොයේෂියාව අවසන් සටනට


ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ගෝල 2-1කින් පරාජය කළ ක්‍රොයේෂියාව ඉතිහාසයේ පළමු වරට අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය.
මේ අනුව ප්‍රංශය සහ ක්‍රොයේෂියාව අතර අවසන් මහා තරගය 15 වැනි ඉරිදා රාත්‍රී 8.30ට රුසියාවේ මොස්කව්හි පිහිටි ලුසෙන්කි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මීට පෙර එක් වරක් පමණක්  අවසන් පූර්ව වටයට පිවිසී සිටි ක්‍රොයේෂියාව මෙවර දෙවැනි වරට අවසන් පූර්ව වටයට පිවිසෙමින් එංගලන්තයේ ලෝක කුසලාන බලා‍පොරොත්තු සුන්කර දැමීය.
තරගයේ පළමු භාගය අවසන් වන විට එංගලන්තය ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර, දෙවැනි භාගයේදී ක්‍රොයේෂියාව ගෝලයක් වාර්තා කිරීමත් සමගම තරගය 1-1ක් ලෙස සම විය.
තරගය ආරම්භ කර 5 වැනි මිනිත්තුවේදී කිරන් ට්‍රිපියර් රැස් කළ ගෝලයත් සමග එංගලන්තය ජයග්‍රාහී මාවතට පිවිසී සිටියේය.
තරගයේ දෙවැනි භාගයේදී අයිවන් පෙරිසි ක්‍රොයේෂියාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමත් සමගම යළිත් තරගය දෙපිළටම විවෘත විය.
ඉන් අනතුරුව දෙපිළම තරගයේ නියමිත කාලය අවසන් වනතුරු ගෝල වාර්තා කිරීමට අසමත් වීම හේතුවෙන් අතිරේක කාලය හිමිවිය.
තරගයේ 109 වැනි මිනිත්තුවේදී මරියෝ මැන්සුකි එල්ල කළ ගෝලයත් සමගින් ක්‍රොයේෂියාව ගෝල 2-1ක් ලෙස ජය ගිනිමින් සිය අපරාජිත භාවය රැක ගත්තේය.
මේ අනුව ප්‍රංශය හමුවේ පරාජය ලැබූ බෙල්ජියම සහ ක්‍රොයේෂියාව හමුවේ පරාජය ලැබූ එංගලන්තය තෙවැනි ස්ථානය දිනා ගැනීම සඳහා හෙට (14දා) තරග බිමට පිවිසෙයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.