lakbima.lk

ප්‍රංශය තෙවැනි වරටත් අවසන් සටනට


ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී බෙල්ජියම ගෝල 1-0කින් පරාජය කළ ප්‍රංශය වසර 12කට පසු අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය.
ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ප්‍රංශය අවසන් සටනට සුදුසුකම් ලබාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර, ඉන් එක් වරක් ලෝක ශූරයන් බවට පත්විය.
1998 වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රංශය ගෝල 3-0කින් බ්‍රසීලය පරාජය කරමින් පළමු වරට ලෝක කුසලාන දිගත් අතර, 2006
වසරේ පැවැති අවසන් මහා තරගයේදී ඉතාලිය හමුවේ දඬුවම් පහර ආශ්‍රිතව ගෝල 5-3ක පරාජයක් ලැබූ ප්‍රංශයට අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.
බෙල්ජියම මෙවර අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය හමුවේ ලද පරාජයත් සමගින් ඉතිහාසයේ
පළමු වරට ලෝක කුසලාන අවසන් සටනට සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාවට ගිලිහී ගියේය. තරගය ආරම්භයේ සිට දෙපිලම ගෝල වාර්තා කිරීමට දැරූ උත්සාහයන් ව්‍යර්ත වී ගිය බැවින් පළමු භාගය අවසන් වන විට ගෝල 0-0ක් ලෙස සටහන් විය.
දෙවැනි භාගය ආරම්භ කර 51 වැනි මිනිත්තුවේදී ග්‍රීස්මාන් එල්ල කළ කෝනර් ප්‍රහාරයක් සැමුවෙල් එමිටිටි හිසින් එල්ල කරමින් ගෝලයක් බවට පරිවර්තනය කිරීමෙන් තරගයේ වාසිය ප්‍රංශය දෙසට යොමුවිය.
ඉන් අනතුරුව දෙපිලම ගෝල වාර්තා කිරීමට දැරූ උත්සාහයන්ද වැළකී ගිය අතර, බෙල්ජියම ක්‍රීඩකයන් එල්ල කරන ලද ප්‍රහාර කිහිපයක්ම ප්‍රංශ නායක දැල රකින ලෝරිස් සාර්ථකව වලක්වලන ලදී.
ප්‍රංශය සමග අවසන් සටනට පිවිසෙන අනෙක් කණ්ඩායම තීරණය කෙරෙන එංගලන්තය සහ කේ‍රායේෂියාව අතර අවසන්
පූර්ව තරගය
ඊයේ (11දා)
පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් ආරම්භ
වී නොතිබුණි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.