lakbima.lk

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශය, බෙල්ජියම, ක්‍රොයේෂියාව සහ එංගලන්තය සමත් විය.

අර්ධ අවසන් පූර්ව තරගවලදී බෙල්ජියම ප්‍රබල බ්‍රසීලය පරාජය කරමින්ද, ප්‍රංශය උරුගුවේ පරාජය කරමින්ද, එංගලන්තය ස්වීඩනය පරාජය කරමින්ද, ක්‍රොයේෂියාව සත්කාරක රුසියාව පරාජය කරමින්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

මෙවර අවසන් පූර්ව වටයට යුරෝපීය රටවල් 4ක් සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනෙයි.

මේ අනුව ප්‍රංශය සහ බෙල්ජියම අතර අවසන් පූර්ව තරගය හෙට (10දා) රාත්‍රී 11.30ට පැවැත්වෙන අතර, එංගලන්තය සහ ක්‍රොයේෂියාව අතර අවසන් පූර්ව තරගය 11දා රාත්‍රී 11.30ට පැවැත්වේ.

 5 වරක් පාපන්දු ලෝක කුසලාන දිනා ඇති බ්‍රසීලය මෙවර තරගාවලියෙන් ඉවත්ව යෑම කැපී පෙනුණු අතර, පාපන්දු ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය වසර 28කට පසු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ප්‍රංශය 2යි-උරුගුවේ 0යි

ප්‍රංශය සහ උරුගුවේ අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ප්‍රංශය සමත් විය.

තරගයේ 40 වැනි මිනිත්තුවේදී රපායල් ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය රැස් කළ අතර,  ග්‍රීස්මාන් 61 වැනි මිනිත්තුවේදී ගෝලයක් රැස් කරමින් ප්‍රංශ ජය තහවුරු කළේය.

බෙල්ජියම 2යි-බ්‍රසීලය 1යි

බෙල්ජියම සහ බ්‍රසීලය අතර පැවැති තරගයෙන් ගෝල 2-1ක තියුණු ජයක් වාර්තා කිරීමට බෙල්ජියම සමත් විය.

තරගයේ 13 වැනි මිනිත්තුවේදී බෙල්ජියමේ නේසර් චඩ්ලි ගෝලය වෙත එල්ල කළ පහරක් බ්‍රසීලයේ ෆර්නැන්ඩිනෝගේ අතෙහි වැදී දැල තුළට යාමෙන් බෙල්ජියම පළමු ගෝලය වාර්තා කළේය.

ඉන් අනතුරුව තරගයේ 31 වැනි මිනිත්තුවේදී රොමේලු ලුකාකු ලබාදුන් පන්දුවෙක් කෙවින් ඩි බෘයිනි සාර්ථකව දැල තුළට යොමු කරමින් බෙල්ජියම වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළේය.

ඉන් අනතුරුව ඔගස්ටෝ 76 වැනි මිනිත්තුවේදී බ්‍රසීලය වෙනුවෙන් ගෝලයක් වාර්තා කළද බෙල්ජියම ආරක්ෂක වලල්‍ලේ ක්‍රීඩකයෝ ඔවුන්ට තවත් ගෝලයක් රැස් කිරීමට ඉඩ ලබා නොදුන්හ.

එංගලන්තය 2යි-ස්වීඩනය 0යි

එංගලන්තය සහ ස්වීඩනය අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.

එංගලන්තයේ හැරී මැග්වයර් තරගයේ 30 මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළ අතර, ඩි‍ලේ අලී 59 මිනිත්තුවේදී දෙවැනි ගෝලය රැස් කරමින් එංගලන්ත ජය තහවුරු කළේය.

ක්‍රොයේෂියාව 2 (4) යි - රුසියාව 2 (3) යි

සත්කාරක රුසියාව සහ කේ‍රායේෂියාව අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ අතිරේක කාලයද අවසන් වන විට දෙපිලම ගෝල 2-2ක් ලෙස ලබා සම තත්ත්වයේ පසුවිය.

ඉන් අනතුරුව තරගයේ ජයග්‍රාහකයා තේරීම දඬුවම් පහර ආශ්‍රිතව සිදුරෙැණු අතර, එහිදී කේ‍රායේෂියාවට ගෝල 4-3ක ජයක් හිමිවිය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.