lakbima.lk

පළමු 20-20 තරගයෙන් ඉන්දියාව ජය ගනියි

එංගලන්තය සහ ඉන්දියාව අතර මැන්චෙස්ටර්හි පැවැති  පළමු 20-20 තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කළ ඉන්දියාව තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.

ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් ලෝකේශ් රාහුල් නොදැවී ශතකයක් රැස් කළ අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 24ට කඩුලු 5ක් බිඳ හෙලූ කුල්දීප් යදාව් තරගයේ වීරයා බවට පත්විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20දී කඩුලු 8ට ලකුණු 159ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 18.2කදී කඩුලු 2ට ලකුණු 163ක් රැස් කරමින් ජය වාර්තා කළේය.

පන්දු 54කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 101ක් රැස් කළ ලෝකේශ් රාහුල් සිය දෙවැනි 20-20 ශතකය වාර්තා කළ අතර, රෝහිත් ෂර්මා ලකුණු 32ක්ද, නායක විරාත් කෝලි නොදැවී ලකුණු 20ක්ද රැස් කළේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය වෙනුවෙන් ජොස් බට්ලර් ලකුණු 69ක් රැස් කළ අතර, කුල්දීප් යදාව් පන්දුවාර 4දී ලකුණු 24ට කඩුලු 5ක්ද, උමේෂ් යදාව් ලකුණු 21ට කඩුලු 2ක්ද බිඳ හෙලීය.

ලකුණු තත්ත්වය :-

එංගලන්තය පන්දුවාර 20දී - 159/8යි

ජෝ රූට් 30, ජොස් බට්ලර් 69, ඩේවිඩ් විලී (නොදැවී) 29, කුල්දීප් යදාව් 24/5, උමේෂ් යදාව් 21/2, හර්දික් පාන්ඩ්යා 33/1

ඉන්දියාව පන්දුවාර 18.2කදී - 163/2යි

ලෝකේශ් රාහුල් (නොදැවී) 101, විරාත් කෝලි (නොදැවී) 20, රෝහිත් ෂර්මා 32, ඩේවිඩ් විලී 30/1,

අදිල් රෂීඩ් 25/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.