lakbima.lk

 
අපේ රටේ නොමැති වුව ද පාපන්දු ක‍්‍රීඩාව සඳහා ලෝකයේ බහුතරයක් රටවල ක‍්‍රීඩා ලෝලීන් තුළ ඇත්තේ ඉමහත් උනන්දුවකි. ලෝක කුසලාන පාපන්දු තරගාවලි නැරඹීම සඳහා තරග පැවැත්වීමට මාස කීපයකට පෙර ම ටිකට් පත් විකිණී අවසන් වන්නේ ද මේ නිසා ය. සමහර විදේශිකයෝ  මෙම තරග නැරඹීම සඳහා සති ගණන් නිවාඩු දමා තරග පැවැත්වෙන වෙනත් රටවලට පවා ගමන් කරති.
 
පිරිමි පාපන්දු ලෝක කුසලාන තරගාවලියට තරම්ම ප‍්‍රසිද්ධියක් මේ වනවිට පාපන්දු කාන්තා ලෝක කුසලානයට ද ලැබී තිබේ. 1991 වසරේ ආරම්භ වූ පාපන්දු කාන්තා ලෝක කුසලාන තරගාවලිය පවත්වනු ලබන්නේ වසර හතරකට වරකි. මෙවර 2019 වසරේ ජුනි 7 වන දින සිට ජූලි 7 වන දින දක්වා ප‍්‍රංශයේ නගර කීපයක් කේන්ද්‍ර කර ගනිමින් එය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම තරගය සඳහා රටවල් 24 ක් නියෝජනය කරමින් ඉදිරිපත් වන කණ්ඩායම් ගණන 24 කි. මේ වනවිට මෙම තරගාවලිය සඳහා වන සියලූම සංකේත ද මාධ්‍යයට හඳුන්වා දී තිබේ.
 
2019 ෆිෆා පාපන්දු කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ලබා ගන්නා කණ්ඩායමට පිරිනැමෙන කුසලානය මේ වනවිට නිර්මාණය කර අවසන් වී ඇති අතර එය ඉහත කී රටවල් 24 තුළ සංචාරය කරවීම මේ වනවිට සිදු වෙමින් පවතී. මහාද්වීප හයක් පුරා විහිදී ඇති මෙම රටවල් අතරින් පළමුව එය ජැමෙයිකාවටත් ඉන් පසු චිලී, ආජන්ටිනාව හරහා අනිකුත් රටවලත් සංචාරය කිරීමට නියමිතව තිබේ. ලෝකඩවලින් නිමවා රත‍්‍රන් ආලේප කර ඇති මෙම කුසලානයේ උස සෙන්ටි මීටර් 47 ක් ද බර කිලෝ ග‍්‍රෑම් 4.6 ක් ද වේ. සර්පිලාකාරව ඉහළට එසවුණු පටියක් මත ඇති පාපන්දුවක හැඩයට එය නිර්මාණය කර තිබේ.
 
මෙම තරගාවලියේ මංගල වස්තුව නොහොත් ප්ිජදඑ ලෙස හඳුන්වා දී තිබෙන්නේ එටී නම් වූ ප‍්‍රංශයට ආවේණික කිකිළියෙකි. තරගාවලිය පුරාම එටීගේ ස්වරූපය සහිත ඩමි 40 ක් තරග පැවැත්වෙන ක‍්‍රීඩාංගණ පුරා එහා මෙහා ඇවිදීමට යොදවා තිබේ. මෙම ඩමි පැලඳවීම සඳහා යොදා ගෙන තිබෙන්නේ වයස අවුරුදු 18 ත් 22 ත් අතර ප‍්‍රංශ තරුණියන් පමණක් වීම ද මෙහි ඇති විශේෂත්වයකි.
 
තරගාවලිය සඳහා ඇඳුම් නිර්මාණය කිරීම ද මේ වනවිට අවසන් කර තිබේ. එක් එක් රටවල් සඳහා ක‍්‍රීඩා කරන සියලූම කණ්ඩායම් සාමාජිකාවන් වෙනුවෙන් නව ඇඳුම් කට්ටල තුන බැගින් ලබා දේ. අදාළ රට නියෝජනය වන පරිදි කිසියම් සංකේතයක් හෝ වර්ණයකින් යුතුව නිර්මාණය කර ඇති මෙම ඇඳුම් මේ වනවිට ලෝක ජන මාධ්‍යයට නිරාවරණය කර තිබේ. 
 
සාමාන්‍යයෙන් මෙවැනි ලෝක කුසලාන තරගාවලියක අවසානයට මාධ්‍යයට නිරාවරණය කරන්නේ එක් එක් රටවලට අදාළ ඇඳුම් කට්ටලයයි. ඒවා ඇඳි නිරූපිකාවන් ප‍්‍රදර්ශන මට්ටමෙන් ක‍්‍රීඩා කරන ආකාරයේ වීඩියෝ පට සහ ඡුායාරූප ෆිෆා පාපන්දු කාන්තා ලෝක කුසලාන තරගාවලියේ නිල වෙබ් අඩෙවියෙන් දැක ගත 
හැකි ය.
 
අවසන් වරට පවත්වන ලද ෆිෆා පාපන්දු කාන්තා ලෝක කුසලාන තරගාවලිය පවත්වනු ලැබුවේ 2015 වසරේ දී ය. එහිදී ජපානය සහ ඇමෙරිකාව අවසන් වටයේ අවසන් මහා තරගයට ක‍්‍රීඩා කරනු ලැබීය. කැනඩාව සත්කාරකත්වය දැරූ මෙම තරගාවලියේ පහට  දෙකක් ලෙස ජපානය පරාද කළ ඇමෙරිකානු කණ්ඩායම 2015 ලෝක කාන්තා පාපන්දු ශූරියන් බවට පත් වී තිබිණි. එහි ජපාන කණ්ඩායම අනු ශූරියන් බවටත් තුන්වන සහ සිව්වන ස්ථාන පිළිවෙලින් එංගලන්තය සහ ජර්මනියටත් ලැබී තිබිණි.
 
දුලංජලී මුතුවාඩිගේ
 
        

දිල්ලි කැපිටල් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර දිල්ලිහිදී ඊයේ (26) පැවැති පස්වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 6 කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල් පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 147 ක් රැස්කර ගත් අතර චෙන්නායි සුපර් කිංග්ස් පිල පන්දු වාර 19.4කදී කඩුළු 4ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත් විය.

දිල්ලි කැපිටල් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 147
(ප්‍රිත්වි ෂෝ 24, ශීකර් ධවාන් 51, රිෂාබ් පාන්ට් 25, ඩිවයින් බ්‍රාවෝ 33/3)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී 150
(ෂේන් වොට්සන් 44, සුරේෂ් රයිනා 30, කේදර් ජාදව් 27, මහේන්ද්‍ර සිං දෝනී නොදැවී 32, අමිත් මිෂ්රා 35/2)


ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය පළමු තරඟ ජයග්‍රහණය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩයම සමත් වී තිබේ.
ඒ ජාත්‍යන්තර ටෙසට් වරම් ලැබීමෙන් පසු ඔවුන් ක්‍රීඩා කළ දෙවන ටෙස්ට් තරගයේදී  අයර්ලන්තයට එරෙහිව කඩුලු 07ක ජයක් ලබාගැනීමෙනි.
මුලින්  පන්දුවට පහරදුන් අයර්ලන්තය පළමු ඉනිමේ සියළු දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත් අතර ඇෆ්ගනිස්ථානය පළමු ඉනිමේදී ලකුණු 314ක් ලබා ගැනීමට සමත් විය.
දෙවන ඉනිමේදී අයර්ලන්ත කණ්ඩායමේ සියළු ක්‍රිඩකයින් ලකුණු 288ක් තුළ දැවී යාමත් සමඟ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 147ක ඉලක්කයක් හිමි විය.
කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනිමට සමත් වු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය ප්‍රථම ජාත්‍යන්තර ටෙස්ට් තරඟ ජයග්‍රහණය වාර්තා කළේය.
2017 දි ජාත්‍යන්තර ටෙසට් වරම් ලැබූ ඇෆ්ගනිස්ථානය 2018 ජූනි මාසයේදී දී ඉන්දියාව සමග සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළේය

අයර්ලන්තය හා ඇෆ්ගනිස්තානය අතර ඉන්දියාවේ රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය 5 වැනිදා සමත් විය.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමටද අයර්ලන්තයට හැකි විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕයර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකණ 256 ක් ලබාගත්තේය. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට නජිබුල්ලා සද්රාන් සමත් වූ අතර ඔහු පන්දු 98 කදී නොදැවී ලකුණු 104 ක් රැස්කර ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත ක්‍රීඩකයෝ පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් වූහ. අයර්ලන්ත කණ්ඩායමේ ඇන්ඩෘ බැල්බින් දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 136කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 145 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.  

ඇෆ්ගනිස්තානය - ඕවර 50 කදී කඩුලු 8 කට 256 
(හස්රතුල්ලා සසායි 33, අස්ගර් ඇෆ්ගන් 75, ඇන්ඩෘ බැල්බින් නොදැවී 104, බොයිඞ් රැන්කින් 56/2, ටිම් මර්ටැග් 60/2) 

අයර්ලන්තය - ඕවර 49 කදී කඩුලු 6 කට 260 
(පෝල් ස්ටාර්ලින් 20, ඇන්ඩෘ බැල්බින් නොදැවී 145, කෙවින් ඕ’බ්‍රයන් 21, ජෝජ් ඩොක්රෙල් 54, දව්ලත් සද්රාන් 52/2) 

සංචාරක ඕස්ට්‍රේලියාවට එරෙහිව නාග්පූර්හි විදර්භා ක්‍රීඩාංගණයේදී 5 වැනිදා පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය කණ්ඩායමට හැකි විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 250 ක් ලබාගත් අතර එහිදී සිය එක්දින ක්‍රිකට් දිවියේ 40 වැනි ශතකය ලබාගැනීමට නායක විරාට් කෝලි සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 242 ක් පමණි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මාකස් ස්ටොයිනිස් පන්දු 65 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 52 ක් රැස්කළද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහුට නොහැකි විය. 

ඉන්දියාව - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 250 
(ශිකර් ධවාන් 21, විරාට් කෝලි 116, අම්බටි රයිඩු 18, විජේ ශංකර් 46, රවින්ද්‍ර ජදේජා 21, පැට් කමින්ස් 29/4, ඇඩම් සම්පා 62/2) 

ඕස්ට්‍රේලියාව - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 242 
(ඒරන් ෆින්ච් 37, උස්මන් කවාජා 38, ෂෝන් මාෂ් 16, පීටර් හෑන්ඞ්කොම්බ් 48, මාකස් ස්ටොයිනිස් 52, ඇලෙක්ස් කේරි 22, කුල්දීප් යාදව් 54/3, විජේ ශංකර් 15/2, ජස්ප්‍රීට් බුම්රා 29/2) 

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති පළමු 20/20  තරඟයෙන් කඩුලු 3ක ජයක් හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු126ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ  ඔස්ට්‍රේලියානු  කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණ 127ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ඕස්ට්‍රේලියනු කණ්ඩායම වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 56ක් ලබා ගත්තේය.

Page 1 of 7

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.