lakbima.lk

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පිහිණුම් තටාකය ඊයේ (12) සවස සිසු අයිතියට පත් කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාපයේ පාසලක මෙතෙක් ඉදිවූ අංගසම්පුර්ණ පිහිනුම් තටාකය වන මෙය මංතීරු අටකින් සමන්විත මීටර 50ක දිගින් හා මීටර 25ක පළලින් යුතුය.

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු පහසුකම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාමහතාගේ ඉල්ලීමක් පරිදි අධ්‍යාපන අමාත්‍යංශයේ රුපියල් කෝටි 10ක ප්‍රතිපාදනමගින් මෙම පිහිනුම් තටාකය ඉදි කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදුපහසුකම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති යු.ඩී.ජී ආරියරත්න යන මහත්වරු සුභ මොහතින් පිහිනුම් තටාකය සිසු අයිතියට පත් කළහ.

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල දස වන වරටත් සංවිධානය කරන ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උළෙල පෙබරවාරි 15 සිට 17 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  
ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සම්මේලනයට අයත් ප්‍රධානපෙලේ ජාත්‍යන්තර පාසල් 21 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 කට අධික පිරිසක් සහභාගි වන මෙම තරගාවලියේදී අවුරුදු 7 න් පහළ, වයස 9 න් පහළ, වයස 11 න් පහළ, වයස 13 න් පහළ, වයස 15 න් පහළ, වයස 17 න් පහළ, වයස 19 න් පහළ, වයස 20 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා බාලක සහ බාලිකා තරග ඉසව් 130 ක් පැවැත්වේ.  
ආසියානු ජාත්‍යන්තර පාසල, ඇලීතියා ජාත්‍යන්තර පාසල, බීවර් ජාත්‍යන්තර පාසල, බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල, කොළඹ ජාත්‍යන්තර පාසල (කොළඹ), කොළඹ ජාත්‍යන්තර පාසල (මහනුවර), එලිසබස් මෝයර් ජාත්‍යන්තර පාසල, ගේට්වේ ජාත්‍යන්තර පාසල (කොළඹ), ගේට්වේ ජාත්‍යන්තර පාසල (මහනුවර), ලීඩ්ස් ජාත්‍යන්තර පාසල, ලයිසියම් ජාත්‍යන්තර පාසල (නුගේගොඩ), ලයිසියම් ජාත්‍යන්තර පාසල (වත්තල), ලයිසියම් ජාත්‍යන්තර පාසල (පානදුර), ලයිසියම් ජාත්‍යන්තර පාසල (රත්නපුර), ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසල, ඕවර්සීස් ජාත්‍යන්තර පාසල, රීජන්ට් ජාත්‍යන්තර පාසල, රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල, ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසල, ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසල හා චිචර්ලි ජාත්‍යන්තර පාසල යන පාසල් මේ සදහා සහභාගී වේ.





 

මලල කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රය තුළ ස්වකීය නාමය රනින් ලියා තබන්නට සමත් වූ ජැමෙයිකානු ධාවන ශූර උසේන් බෝල්ට් යළිත් කරළියට එන්නේ මලල කී‍්‍රඩාවට සමු දී පාපන්දු ක‍්‍රීඩාවට යොමු වීමට ගන්නා ලද තීරණයත් සමගය. ඔලිම්පික් තරගාවලියන්ගෙන් මීටර් සියය මීටර් දෙසීයය අංශයන් දිග්විජය කළ බෝල්ට් තම මලල ක‍්‍රීඩා දිවිය තුළ ඔලිම්පික් රන් සම්මාන අටක් ඉදිරියේ තම නාමය සනිටුහන් කර ගැනීමට සමත් විය.  එ් මලල ක‍්‍රීඩා ලෝක වාර්තාවන්ද අලූ‍ත් කරවමිනි. අදටද එකී ලෝක වාර්තාවන් බෝල්ට් නමටම සන්තකය. ඔහුගේ දක්ෂතාවයන් පිළිබ`දව හොඳ සාක්‍ෂියකි.

කෙසේ වෙතත් 2017 වසරේදී මලල ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයෙන් සමුගත් මෙම ජැමෙයිකානුවා පාපන්දු ක‍්‍රීඩාවට අවතීර්ණ වීමට තිරණය කරන්නේ තම දිවියේ නවමු පරිච්ෙඡ්දයක්ද ආරම්භ කරමිනි. එලෙස පාපන්දු ක‍්‍රීඩාවට අවතීර්ණ වූ 32 හැවිරිදි බෝල්ට් නැවතත් ජාත්‍යන්තර මාධ්‍ය තුළ පුවතක් බවට පත්වන්නේ පාපන්දු දිවියද අවසන් කරමින් සමස්ත ක‍්‍රීඩා දිවියටම ආයුබෝවන් කීමට තීරණය කිරීමත් සමගය.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අන්දමට  ඕස්ටේ‍්‍රලියානු මධ්‍යම දිග මැරයිනර්ස් පාපන්දු කණ්ඩායම සමග වන ගිවිසුමට එකඟවීමට නොහැකි වීම 32 හැවිරිදි බෝල්ට්ගේ මෙම තීරණයට ආසන්නතම හේතුවයි. මැරයිනර්ස් කණ්ඩායම මගින් ඉකුත් සැප්තැම්බර් මාසය තුළදී පැවැත් වූ සාධන මට්ටම් පරීක්ෂා කිරීමේ තරගයකදීද බෝල්ට් ඉහළ දක්ෂතාවන්ද දක්වා තිබුණි. ක‍්‍රීඩා විචාරක අදහස් අනුවද එය බෝල්ට් තම පාපන්දු දිවිය තුළ පැහැදිලි ලෙසම ඉහළම දක්ෂතා පෙන්නුම් කළ අවස්ථාවකි.

කෙසේනමුත් මෙලෙස ඉහළම දක්ෂතා ප‍්‍රකට කරමින් සිටි අවස්ථාවකදීද මැල්ටේස් පාපන්දු ක‍්‍රීඩා සමාජය මගින් කිහිපවරක් කරනු ලැබූ ආරාධනාවන්ද බෝල්ට් විසින් ප‍්‍රතික්ෂේප කරන ලද්දේ වේතනයන් පිළිබ`ද එකඟතාවයට පැමිණීමට නොහැකිවීම හේතු කොටගෙනය.

මෙලෙස අවස්ථාවන් බෝල්ට් හඹා ආවද එම අවස්ථාවන් තමා සතු කරගන්නට අවකාශයන් තිබියදීත් ඔහු මෙම තීරණයට එළැඹීම විශ්මයජනකය. කෙසේවෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් බෝල්ට් ප‍්‍රකාශ කර තිබුණේ තමා පාපන්දු වෙනුවෙන් ගත කළ කාලය ඉතා විනෝදජනක මෙන්ම අත්දැකීම් සහගත එකක් වූ බවත් කණ්ඩායම් ක‍්‍රියාකාරකම් තමා දැඩි ලෙස වින්දනය කළ බවත්ය.

බීජින් ලන්ඩන් සහ රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලවල් දිග්විජය කළ මෙම ප්‍රෞඪ ජැමෙයිකානුවාගේ මීළඟ පියවර වන්නේ ව්‍යපාරික ක්‍ෂේත‍්‍රය තුළද ස්වකීය නාමය රඳවා ලීමය. සිය අනාගත අපේක්ෂාවන් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කර තිබුණේ තමා ක‍්‍රීඩා දිවියට සමුදුන් බවත් සාර්ථක ව්‍යපාරිකයෙක් වීම සිය මීළඟ ඉලක්කය වන බවත්ය.

ක‍්‍රීඩා වංශ කතාව තුළ ජවසම්පන්න නාමයක් රඳවාලීමට සමත්කම් දැක් වූ මෙම ජැමෙයිකානුවා හෙට දින ව්‍යාපාරික ලෝකයද ආක‍්‍රමණය කළ හැකි බවට වන අනවැකි පළ කිරීමට තවමත් කල් වැඩි වුවද බෝල්ට් නාමය නම් ලෝක ක‍්‍රීඩාලෝලී ජනතාවගේ සිත් තුළ නොමැකෙනා ලෙස සනිටුහන්ව ඇති බව නම් අවිවාදිතය.

එරංගි ප‍්‍රමෝධා

 


ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වන සති අන්තයේ අවසන් තරගය ඊයේ (27) පැවැත්වුණේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය අතරයි. ලකුණු 35-06ක් ලෙස හැව්ලොක් ක්‍රීඩකයින් මේ තරගය ජය ගත්තේය.



කණ්ඩායම් දෙකම අතපසුවීම් රාශියක් සිදුවූ නමුත් ප්‍රබල හැව්ලොක් ඉදිරිපෙළ Line out අවස්ථාවල දී සිතූ තරම් සාර්ථක නොවීම විශේෂත්වයකි.

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘අන්ගි කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජනවාරි මස 19 වන දින බොල්ගොඩ ජලාශයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා  නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) සහ කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ඇතුළුව රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 42 දෙනෙකු සමඟ රුවල් යාත්‍රා 24 ක් සහභාගී විය.

නාවික හමුදා කණ්ඩායම සිය දක්‍ෂතා දක්වමින් විවිධ ඉසව්වලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනිමින් සියළුම රුවල් ඔරු සමාජ අභිබවා ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් විය.

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය   සංවිධානය කරන ‘එළියකන්ද තරණය’ යතුරුපැදි හා මෝටර් රථ තරගාවලිය පෙබරවාරි 17 මාතර බ්‍රවුන්ස් කන්ද ප්‍රදේශයේදී පැවැත්වේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනය විසින් ජාතික ශූරතාවලිය සඳහා නම් කරන ලද තරගාවලියකි.
තාර ඇතිරූ මීටර් 800 ක මාර්ගයක පැවැත්වෙන මෙම තරගාවලිය මෝටර් රථ ඉසව් 14 කින් සහ යතුරුපැදි ඉසව් 8  ඇතුලත්ය. මෝටර් රථ රියැදුරෝ හා යතුරුපැදිකරුවෝ 150 ක් පමණ මේ වන විට එම ඉසව් සඳහා ලියාපදිංචි වී සිටිති.

Page 4 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.