lakbima.lk

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය   සංවිධානය කරන ‘එළියකන්ද තරණය’ යතුරුපැදි හා මෝටර් රථ තරගාවලිය පෙබරවාරි 17 මාතර බ්‍රවුන්ස් කන්ද ප්‍රදේශයේදී පැවැත්වේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනය විසින් ජාතික ශූරතාවලිය සඳහා නම් කරන ලද තරගාවලියකි.
තාර ඇතිරූ මීටර් 800 ක මාර්ගයක පැවැත්වෙන මෙම තරගාවලිය මෝටර් රථ ඉසව් 14 කින් සහ යතුරුපැදි ඉසව් 8  ඇතුලත්ය. මෝටර් රථ රියැදුරෝ හා යතුරුපැදිකරුවෝ 150 ක් පමණ මේ වන විට එම ඉසව් සඳහා ලියාපදිංචි වී සිටිති.


ටෙනිස් ශූරී අමෙරිකාවේ සෙරීනා විලියම්ස් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ දෙවැනි වටයට පිවිසීමට සමත්වූවාය. ඒ ජර්මනියේ ටට්ජානා මරියා ලකුණු 6-0 ක් සහ 6-2 ක් ලෙස පරාජය කරමිනි.
එමෙන්ම සෙරීනාගේ වැඩිමල් සොයුරිය වීනස් විලියම්ස් ද රුමේනියාවේ මිහායිලා බුසානෙස්කියු ලකුණු 6-7 ක්, 7-6 ක් සහ 6-2 ක් ලෙස පරාජය කරමින් දෙවැනි වටයට පිවිසීයාය.

අද (04) දින ඩුබායි හි පැවති ග්ලෝබ් සොකර් සම්මාන තරඟයේ දී 2018 වර්ෂයේ හොඳම සොකර් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ  ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසිනි. නිර්දේශිත නාම අතර ප්‍රංශයේ කයිලින් මබාපේ හා අන්තෝනි ග්‍රීස්මාන් ද සිටියේ ය.

ඔහු මෙම උළෙලේ දී වසරේ හොඳම ගෝලය සඳහා ද සම්මානය  දිනා ගත්තේ ය. ග්ලෝබ් සොකර් සම්මාන උළෙලේ ‍ප්‍රධාන සම්මාන කාණ්ඩ 13 ක් යටතේ පිරිනැමිණි. සම්මාන ලැබූවන් අතර හොඳම පුහුණකරු වූ ඩිඩියර් ඩෙස්චැම්ප්ස්, පැරණී ක්‍රීඩකයන් වූ රොනාල්ඩෝ නසාරියෝ , ෆැබියෝ කැප්පෙලෝ හා සුවිනිමර් බොබන් ද එක්ව සිටියේ ය.  

උත්පලා ප්‍රබුද්ධිකා

 

ඊයේ (01) ලෝකයේ ප්‍රථම වරට පැවති මිශ්‍ර ජෝඩු  ‘හොප්මන් ශූරතා ටෙනිස් තරඟාවලියේ’ විශිෂ්ට ජයක් ලබා ගැනීම‍‍ට රොජර් ෆෙඩරර් හා බෙලින්ඩා බෙනික් ගේ කණ්ඩායම සමත් විය. ප්‍රතිවාදී පි‍ළෙන් තරඟ බිමට අවතීර්ණ වූයේ සෙරීනා විලියම්ස්  හා ෆැන්සස් ටියාෆෝ ය.

මෙහිදී 4-2 ක්, 4-3ක් හා අවසානයේ 5-3 ක් ලෙස මුලු තරඟාවලිය ම ජය ගනු ලැබුවේ බෙලින්ඩා හා රොජර් ය. මෙම තරඟයේ සුවිශේෂත්වය වනුයේ ලෝකයේ අතිවිශිෂ්ට ටෙනිස් ක්‍රීඩිකාවකගේ හා ක්‍රීඩකයෙකුගේ අපූරු තරඟ විලාස දැක බලා ගැනීමේ අපූරු අවස්ථාව ලොවට හිමිවීමයි.

මෙම තරඟයෙන් අනතුරුව සුප්‍රකට ටෙනිස් ශූරයින් දෙදෙනා  එකිනෙකාගේ ජය පරාජය සමව විඳ ගැනීම හා සුබ පැතීම  එකවර සිදුවීම සුවිශේෂී විය. 

උත්පලා ප්‍රබුද්ධිකා

රුහුණු රුවල් යාත්‍රා සාමාජය මගින් සංවිධානය කරනු ලබන ‘ආචාර්ය නිහාල් ඡිනසේන රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය 15 වන දින කප්පරතොට, මිරිස්ස මුහුදු තීරයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා  නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) සහ කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ඇතුළුව රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 67 දෙනෙකු රුවල් යාත්‍රා 50 ක් සමඟින් සහභාගී වන ලදී.

නාවික හමුදා කණ්ඩායම සිය දක්‍ෂතා දක්වමින් විවිධ ඉසව්වලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනිමින් සියළුම රුවල් ඔරු සමාජ අභිබවා ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් විය.

බෙල්ජියම විසින් නෙදර්ලන්තය පරදා 3–2 ක් ලෙස ‍පැනල්ටි බලා ගනිමින් ලෝක හොකී කුසලාන තරඟය 2018 ජයග්‍රහණය කිරීමට  ඉකුත් 16 දා සමත් විය. මෙම ලෝක කුසලාන තරඟය පැවැත්වූයේ ඉන්දියාවේ  Bhubaneswar හි  කාලිංග නම් ක්‍රීඩාංගණයේ දී ය.

මෙම තරඟයේ කාර්තු 4  තුළදී ම කණ්ඩායම් ද්විත්වයටම ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව පැනල්ටි ප්‍රදානය කිරීම් හරහා කණ්ඩායම් දෙක ලබා ගත් ගෝල ගණන 2-2 කි. කෙසේවෙතත් ජයග්‍රාහී ‍අවසන් ගෝලය වාර්තා කිරීමට සමත් වූයේ බෙල්ජියම් හොකී කණ්ඩායමයි.

මෙම තරඟාවලිය නොවැම්බර්  28 සිට  දෙසැම්බර් 16 දක්වා ඉන්දියාවේ දී පැවැත් වූ අතර තරඟාවලියේ ශූරතාවය බෙල්ජියමටත් , අනු ශූරතාවය නෙදර්ලන්ත පිළට හා  තෙවෙනි ස්ථානය ඕස්ට්‍රේලියානු පිළටත්  දිනා ගැනීමට හැකි විය.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

Page 1 of 5

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.