lakbima.lk

විශාඛා සහ සුජාතා අතර සමාරම්භක දැල් පන්දු මහා රන් සටන 29 වෙනිදා

කොළඹ විශාඛා විද්‍යාලය සහ නුගේගොඩ සුජාතා විද්‍යාලය අතර මොට්වානි අභියෝග්‍යතා දැල් පන්දු මහා රන් සටනේ සමාරම්භක තරගය 2019 මාර්තු 29 වැනි දින උදේ 9.00 ට කොළඹ තුර`ග තරග  පිටියේ දී පැවැත් වේ.

මේ වසරේ මහා රන් සටනේ සමාරම්භක ඉසව්වේ අනුග‍්‍රාහක දායකත්වය නුගේගොඩ සුජාතා විද්‍යාලය විසින් දරනු ලබන අතර ලබන වසරේ දී එය කොළඹ විශාඛා විද්‍යාලය විසින් දරනු ඇත. මේ ආකාරයට සෑම වර්ෂයකදීම මෙම පාසල් දෙක එහි අනුග‍්‍රාහකත්වය දරනු ඇත. මෙය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ කාන්තා විද්‍යාල දෙකක් අතර ඉදිරි වර්ෂවල දී වාර්ෂිකව පවත්වන්නට නියමිත තරග මාලාවක් සඳහා අඩිතාලමක් ලෙස සංවිධානය කෙරේ.

අභියෝග්‍යතා පළිහ ක්ලාරා මොට්වානි මහත්මියගේ නමින් නම්කොට තිබේ. ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ සහ නුගේගොඩ සුජාතා යන විද්‍යාල දෙකෙහිම විදුහල්පතිවරිය ලෙස කටයුතු කොට ඇත. මොට්වානි මහත්මිය කොළඹ විශාඛා විද්‍යාලයේ වසර ෙදාලහකුත් (12*, නුගේගොඩ විශාඛා විද්‍යාලයේ වසර විසි තුනකුත් (23* විදුහල්පතිවරිය ලෙස සේවය කොට ඇති අතර, සුජාතා විද්‍යාලයේ ප‍්‍රථම විදුහල්පතිවරිය ලෙස සේවය කොට ඇත්තේ ද ඇය ය.

ක්ලාරා මොට්වානි නමින් අභියෝග්‍යතා පළිහ නම් කිරීමේ තීරණය විද්‍යාල දෙක විසින්ම එ්කමතිකව සම්මත කරගන්නා ලදී.

ශ‍්‍රී ලංකාවේ බාලිකා පාසල් අතර ක‍්‍රීඩාව වර්ධනය කිරීමටත්, අන්තර් පාඨශාලා ක‍්‍රීඩා තරග ඇතිකිරීමටත් පූර්වාදර්ශයක් ලෙස විශාඛා සහ සුජාතා විද්‍යාල මේ මුල පිරීම ගෙන තිබේ.

කොළඹ විශාඛා විද්‍යාලයේ නායකත්වය උපානි රූපසිංහ විසින් ද, සුජාතා විද්‍යාලයේ නායකත්වය ලිලාෂා කෞෂල්‍යා විසින් ද දරනු ලබන අතර, මොට්වානි අභියෝග්‍යතා පළිහ ජයග‍්‍රහණය කිරීම සඳහා කණ්ඩායම් දෙකම එකිනෙකාට තර්ජනය වන ආකාරයේ දක්ෂ ක‍්‍රීඩාකාවන්ගෙන් සන්නද්ධව සිටී.

ප‍්‍රධාන මහා රන් සටනට අමතරව පාසල් දෙකෙන්ම 17 න් පහළ අභියෝග්‍යතා පළිහ සඳහා ද දැල් පන්දු තරගයක් පැවැත්වීමට නියමිතය. මේ ආකාරයේ තරගාවලි තුළින් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය සඳහා වැඩි වැඩියෙන් දායකත්වය ලබා දීමට බාල පරපුරට ධෛර්යයක් ඇති කරනු ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.