lakbima.lk

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උළෙල 15 දා ඇරඹේ

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල දස වන වරටත් සංවිධානය කරන ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උළෙල පෙබරවාරි 15 සිට 17 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  
ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සම්මේලනයට අයත් ප්‍රධානපෙලේ ජාත්‍යන්තර පාසල් 21 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 කට අධික පිරිසක් සහභාගි වන මෙම තරගාවලියේදී අවුරුදු 7 න් පහළ, වයස 9 න් පහළ, වයස 11 න් පහළ, වයස 13 න් පහළ, වයස 15 න් පහළ, වයස 17 න් පහළ, වයස 19 න් පහළ, වයස 20 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා බාලක සහ බාලිකා තරග ඉසව් 130 ක් පැවැත්වේ.  
ආසියානු ජාත්‍යන්තර පාසල, ඇලීතියා ජාත්‍යන්තර පාසල, බීවර් ජාත්‍යන්තර පාසල, බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල, කොළඹ ජාත්‍යන්තර පාසල (කොළඹ), කොළඹ ජාත්‍යන්තර පාසල (මහනුවර), එලිසබස් මෝයර් ජාත්‍යන්තර පාසල, ගේට්වේ ජාත්‍යන්තර පාසල (කොළඹ), ගේට්වේ ජාත්‍යන්තර පාසල (මහනුවර), ලීඩ්ස් ජාත්‍යන්තර පාසල, ලයිසියම් ජාත්‍යන්තර පාසල (නුගේගොඩ), ලයිසියම් ජාත්‍යන්තර පාසල (වත්තල), ලයිසියම් ජාත්‍යන්තර පාසල (පානදුර), ලයිසියම් ජාත්‍යන්තර පාසල (රත්නපුර), ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසල, ඕවර්සීස් ජාත්‍යන්තර පාසල, රීජන්ට් ජාත්‍යන්තර පාසල, රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල, ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසල, ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසල හා චිචර්ලි ජාත්‍යන්තර පාසල යන පාසල් මේ සදහා සහභාගී වේ.





 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.