lakbima.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා බඳවාගත් ආකාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය ප්‍රධානියකු බඳවා ගැනීමට තීරණය කර තිබූ අතර, ඒ සඳහා සුදුසුකම් ලත් තැනැත්තන් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පිළිගත් සමාගමක් වන එම්.එස්.එල්. ආයතනයට අදාළ කාර්ය පවරා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඒ අනුව එම්.එස්.එල්. ආයතනය ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත්වල සහ වබේ අඩවිවල අදාළ තනතුර සඳහා අයැදුම්පත් කැඳවා ඇත.
මෙම දැන්වීමේ කිසිදු ස්ථානයක ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා බඳවා ගන්නා බව සටහන් කර නොමැත.
ඉන් අනතුරුව ඔවුන් විසින් තෝරා ගන්නා ලද සුදුසුකම් ලත් පුද්ගලයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිර්දේශය සඳහා ඉදිරිපත් කර ඇත.
මුදල් කමිටුවේ නිර්දේශයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ කමිටුව සහ විධායක කමිටුව අනුමත කිරීමෙන් පසු මූල්‍ය ප්‍රධානියා අදාළ තනතුර සඳහා බඳවාගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා මීට පෙර 1999 වසරේ සිට සරස ට්‍රේඩිං සමාගම, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමය, අවිවා යූ.කේ.  ග්ලෝබල් සමාගම, එයාර් ලික්විඩ් සමාගම, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම, රොඩ්ලි ඇන්ඩ් පාර්ටන්ස් මැදපෙරදිග (දෝහා කටාර්) සමාගම්වල සේවය කර ඇති අතර, 2009 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයට බැඳෙන තුරු ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ මූල්‍ය කළමනාකරණ තනතුරේ සේවය කර ඇති බව ‘ලක්බිම’ට අනාවරණය විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.