lakbima.lk

සමස්ත පිරිමි ශූරතාව යුද හමුදාවේ ගිහාන්ට කාන්තා ශූරතාව දිනේෂාට

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ තෙවැනි වරටත් පැවැත්වූ ‘එස්.එල්.ටී. ස්පීඩ් අප්’ රේසිං පාපැදි සවාරියේ පිරිමි සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිහාන් පුෂ්පකුමාර (පැය 20.07.07) සමත් විය.

අදියර පහකින් සමන්විත වූ මෙම සවාරිය පසුගිය 4දා කොළඹින් ආරම්භ වූ අතර, කිලෝ මීටර් 821ක දුරක් ගෙවමින් පසුගිය සෙනසුරාදා (8දා) කුලියාපිටියෙන් අවසන් විය.

තරගකරුවන් 122 දෙනකු සහභාගි වූ මෙවර පිරිමි සවාරියේ ශූරයාට රුපියල් ලක්ෂ 10ක මුදල් ත්‍යාගයක් හිමිවූ අතර, දෙවැන්නාට රු. ලක්ෂ 5ක්ද, තෙවැන්නාට රු. ලක්ෂ 3ක්ද, හිමි විය. මීට අමතරව සිව්වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා මුදල් තිළිණ පිරිනැමුණි.

පිරිමි තරගාවලියට සමගාමීව පැවැති කාන්තා පාපැදි සවාරියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනේෂා දිල්රුක්ෂි සමත් වූ අතර, දෙවැනි සහ තෙවැනි ස්ථානද ගුවන් හමුදාව සතු විය.

සැප්තැම්බර් 7 සහ 8 දෙදින කොළඹ සිට කෑගල්ල, කෑගල්ල සිට කුලියාපිටිය දක්වා කි.මී. 175ක දුරක් ආවරණය කරමින් පැවැති මෙම තරගය මෙරට පාපැදි ඉතිහාසයේ කාන්තා තරගයක් දෙදිනක් පුරා පැවැති පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.

කාන්තා සවාරියේ දෙවැනි ස්ථානය සුගන්ධිකා ප්‍රියදර්ශනී දිනාගත් අතර, තෙවැනි ස්ථානය දිනා ගැනීමට පංචාලි සුලෝචනා සමත් වූවාය.

කාන්තා සවාරියේ සමස්ථ ශූරියට රු. 2,50,000ක මුදලක් හිමි වූවාය.

පිරිමි සවාරියේ

සමස්ත ප්‍රතිඵලය

  1. ගිහාන් පුෂ්පකුමාර (යුද හමුදාව - පැය 20.07.07)
  2. මධුසංක ප්‍රභාත් (නාවික හමුදාව - පැය 20.07.35)
  3. රමේෂ් විරාන් (යුද හමුදාව - පැය. 20.07.38)
  4. නිදුෂ් නිලංග (වරාය අධිකාරිය - පැය 20.09.10)
  5. ජනක හේමන්ත (නාවික හමුදාව - පැය 20.09.10)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.