lakbima.lk

අපරාජිත ශ්‍රී ලංකා-සිංගප්පූරු දෙවැනි වටයේ තරගය අද

සිංගප්පූරුවේ පැවැත්වෙන 11 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර දෙවැනි වටයේ තරගය අද පැවැත්වේ.
කණ්ඩායම් දෙකම මූලික වටයේ සහභාගි වූ තරග දෙකම ජයගෙන අපරාජිතව දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේය.
‘බි’ කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදී චීන තායිපේ ලකුණු 137-05කින්ද,  දෙවැනි තරගයේදී ඉන්දියාව ලකුණු 101-29කින්ද පරාජය කළේය.
මෙම තරග දෙකේදීම ශ්‍රී ලංකාව ලකුණු 100 සීමාව පසු කිරීම කැපී පෙනුණු අතර, චීන තායිපේට එරෙහිව වාර්තා කළ ලකුණු 137ක ආසියානු ශූරතා ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වෙයි.
‘සී’ කාණ්ඩයෙන් තරග වැදුණු සිංගප්පූරුව මූලික වටයේදී බෘෘනායි ලකුණු 68-19 කින්ද, පාකිස්තානය ලකුණු 84-17කින්ද පරාජය කළේය.
කාණ්ඩ හතරෙහි ශූරයන් අතර දෙවැනි වටයේ තරග පැවැත්වෙන අතර,සෑම කණ්ඩායමක්ම දෙවැනි වටයේ තරග 3කට සහභාගි වෙයි.

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.