lakbima.lk

ශ්‍රී ලංකාව අපරාජිතව දෙවැනි වටයට

සිංගප්පූරුවේ පැවැත්වෙන 11 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ මූලික වටයේ තරග දෙකම ජයගත් ශ්‍රී ලංකාව අපරාජිතව දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තේය. ‘බි’ කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් චීන තායිපේට එරෙහිව ලකුණු 137-05ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය.  ඊයේ (2දා) මූලික වටයේ දෙවැනි තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාව ලකුණු 101-29කින් ඉන්දියාව පරාජය කරමින් ‘බි’ කාණ්ඩයේ ශූරියන් බවට පත්විය.

අද (3දා) ශ්‍රී ලංකා කණ්ඩායමේ විවේකී දිනයක් වන අතර, දෙවැනි වටයේ පළමු තරගය ප්‍රබල සිංගප්පූරුව සමගින් හෙට (4දා) ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදී කණ්ඩායම වන සිංගප්පූරුව මූලික වටයේදී බෘෘනායි (68-19) සහ පාකිස්තානය (84-17) පරාජය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබා සිටියි. මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර, ඒ ඒ කාණ්ඩයන්හි ශූරයන් අතර දෙවැනි වටයේ තරග පැවැත්වේ.

(ශිරන්ති)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.