lakbima.lk

ශ්‍රී ලංකාව කැරම් කණ්ඩායම් ලෝක ශූරතාව දිනයි

දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක කුසලාන කැරම් ශූරතා තරගාවලියේදී පිරිමි කණ්ඩායම් ශූරතාව සහ කාන්තා කණ්ඩායම් අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.
ලෝක කුසලාන කැරම් ශූරතාවකදී ශ්‍රී ලංකාව කණ්ඩායම් ශූරතාවක් දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පිරිමි පිල අවසන් තරගයේදී ඉන්දියාවට එරෙහිව තරග වට 2-1ක ජයක් වාර්තා කරමින් ශූරතාව දිනාගත් අතර, කාන්තා අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දියාව හමුවේ තරග වට 3-0ක පරාජයක් ලැබිම හේතුවෙන් අනුශූරියන් බවට පත්වූහ.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට චමිල් කුරේ, නිශාන්ත ප්‍රනාන්දු සහ ෂහීඩ් හිල්මි ඇතුළත් වූ අතර, කාන්තා කණ්ඩායමට යසිකා රාහුබද්ධ, ජෝශප් රොෂිටා සහ චලනි ලක්මාලි ඇතුළත් වූහ.
රටවල් 21කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන කැරම් ශූරතාවලියේ පිරිමි තෙවැනි ස්ථානය ප්‍රංශය දිනගත් අතර, සිව්වැනි ස්ථානය මාලදිවයිනට හිමිවිය.
කාන්තා තෙවැනි ස්ථානය මාලදිවයින දිනාගත් අතර, සිව්වැනි ස්ථානය ජපානය සතුවිය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.