lakbima.lk

සංවත්සර එල්ලේ ශූරතාව නැගෙනතරුට

එඩේරමුල්ල  නැගෙනතරු ක්‍රීඩා සමාජයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ එල්ලේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට එඩේරමුල්ල නැගෙනතරු ක්‍රීඩා සමාජය සමත් විය.
ගණේමුල්ල වාසනා ක්‍රීඩා සමාජය සහ එඩේරමුල්ල නැගෙනතරු ක්‍රීඩා සමාජය අතර පැවැති අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නැගෙනතරු ලකුණු 12ක් රැස් කළ අතර, වාසනා ක්‍රීඩා සමාජය ලකුණු 18ක් රැස් කළේය. දෙවැනි ඉනිමේදී නැගෙනතරු ලකුණු 40ක් රැස් කළ අතර, වාසනා ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය සඳහා ලකුණු 35ක ඉලක්කයක් හිමි වුවද ඔවුන් ලකුණු 4කට දැවී යාමෙන් නැගෙනතරු ක්‍රීඩා සමාජයට ලකුණු 31ක ජයක් හිමි විය.
මෙහිදී නැගෙනතරු ක්‍රීඩා සමාජයේ ආරම්භක සාමාජිකයන් සියලු දෙනාටම උපහාර තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරුණි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.