lakbima.lk

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි

සැප්තැම්බර් මස 1දා සිට 7දා දක්වා සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය අනුමැතිය හිමිවී ඇති අතර, එහි නායිකාව ලෙස චතුරංගනී ජයසූරිය නම්කර තිබේ.

චතුරංගනී ජයසූරිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකාවක් වන අතර, කණ්ඩායමේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවකි. කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලෙන් වොලිබෝල් ක්‍රීඩාවට ප්‍රවිශ්ට වූ චතුරංගනී ජයසූරිය දැල්පන්දු ලෝක ශූරතාව සහ ආසියානු ශූරතාවද නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවකි.

2009 වසරේදී ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු ශූරතාව දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවක්ව සිටි දර්ශිකා අභයවික්‍රම (හැටන් නැෂනල් බැංකුව) උප නායිකාව ලෙස නම්කර තිබේ. මීට අමතරව 2009 ආසියානු ශූරතාවයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු නායිකා තර්ජනී සිවලිංගම් ද මෙවර කණ්ඩායමේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවකි.

තර්ජනීට අමතරව ශ්‍රී ලංකා ජාතික පි‍ලේ තවත් හිටපු නායිකාවක් වන ගයනි දිසානායකද මෙවර කණ්ඩායමට ඇතුළත්වන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩිකාවන් සිව්දෙනකුම මෙවර කණ්ඩායම නියෝජනය කරති. 2009 වසරේ ආසියානු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පි‍ලේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ තිලකා ජිනදාස මහත්මිය මෙවරද ශ්‍රී ලංකා පි‍ලේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කිරීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම

චතුරංගනී ජයසූරිය (නායිකාව - ගුවන් හමුදාව), දර්ශිකා අභයවික්‍රම (උප නායිකාව - හැටන් නැෂනල් බැංකුව), තර්ජනී සිවලිංගම් (සෙලාන් බැංකුව), ගයනි දිසානායක (හැටන් නැෂනල් බැංකුව), හසිතා මෙන්ඩිස් (නාවික හමුදාව), එලින්තනී සෙත්තුකවලර් (ජාතික සංවර්ධන බැංකුව), දුලංගා ධනංජි (ගුවන් හමුදාව), ගයංජලී අමරවංශ (හැටන් නැෂනල් බැංකුව), නෞජලී රාජපක්ෂ (යුද හමුදාව), තිළිණි වත්තේගෙදෙර (ගුවන් හමුදාව), දුලංගි වන්නිතිලක (නාවික හමුදාව), සුරේකා කුමාරි (ගුවන් හමුදාව), තිලකා ජිනදාස (පුහුණුකාරිනිය), ට්‍රික්සි නානායක්කාර (කණ්ඩායම් ප්‍රධානී), වෛද්‍ය ලාල් ඒකනායක (කණ්ඩායම් වෛද්‍ය නිලධාරී), තනුජා දිසානායක (කළමනාකාරිනී)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.