lakbima.lk

ගිම්හාන්ට කරාතේ පදක්කම් දෙකක්

ජපානයේ කවාසාකි නගරයේදී පැවැති ‘ජපන් කනිෂ්ඨ කුසලාන’ කරාතේ තරගාවලියේදී ‍පොලොන්නරුව හිඟුරක්ගොඩ රජරට මහා විද්‍යාලයේ එම්.ඒ. ගිමාෂ් ගිම්හාන් රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වී තිබේ. ජපන් කරාතේ දෝ මැක් සංවිධානය මගින් සංවිධානය කළ මෙම තරගාවලියේ අවු. 12න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කළ ගිමාෂ් ගිම්හාන් කුමිතේ සහ කාතා ඉසව්වල දෙවැනි ස්ථානය දිනා ගනිමින් රිදී පදක්කම් දිනාගෙන තිබේ. 

 තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කරාතේ කණ්ඩායමේ ප්‍රධාන උපදේශක ලෙස ශිහාන් සෝමරත්න මහතාද, සහාය උපදේශක ලෙස ගිෂාන් දේශාංක මහතාද කටයුතු කළහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.