lakbima.lk

සතිජ ඉන්දියාවේදී කරාතේ රන් පදක්කම් 2ක් දිනයි

ඉන්දියාවේ ජයපූර්හිදී පසුගියදා පැවැති ජාත්‍යන්තර කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට රත්නපුර පාතකඩ බෞද්ධ මහා විදුහ‍ලේ සතිජ සන්දේස් සමත් වී තිබේ.
මෙම තරගාවලියේ අවු. 5-6 වයස් කාණ්ඩය යටතේ පැවැති කාතා සහ කුමිතේ තරග ඉසව්වල ප්‍රථම ස්ථාන දිනා ගනිමින් රන් පදක්කම් දිනා ගැනීමට සතිජ සන්දේස් සමත් වී තිබේ.
මීට අමතරව මෙම තරගාවලියට සහභාගි වූ රටවල් 10ක ක්‍රීඩකයන් අතරින් ලාබාලතම ක්‍රීඩකයාට හිමි සම්මානයද සතිජට හිමිවී තිබේ.
සතිජගේ කරාතේ උපදේශක ලෙස ශ්‍රී ලංකා ජපන් කරාතේ දෝ වර්ල්ඩ් ෂෝටෝකාන් කරාතේ සංගමයේ අධ්‍යක්ෂ ගිහාන් එන්.එස්. ධම්මික මහතා කටයුතු කරයි.

සුනිල් පියතිලක, රත්නපුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.