lakbima.lk

ක්‍රිස්බ්‍රෝ මීළඟ ශූරයා ක්‍රීඩා සම්මාන උළෙල ලබන වසර මුලදී

අනාගත ලොව ජය ගන්නා රටේ දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතියට හඳුන්වා දෙමින් ඔවුන්ට අතහිත දීමේ අරමුණෙන් පවත්වන ක්‍රිස්බ්‍රෝ මීළඟ ශූරයා ජාතික ක්‍රීඩා සම්මාන උළෙල ලබන වසර මුලදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.
ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ කනිෂ්ඨ ක්‍රීඩා තරග ඉසව්වලින් බලා‍පොරොත්තු තැබිය හැකි දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙකුට මෙහිදී සම්මාන පිරිනැමෙන අතර, ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ සහ සහයෝගය ලබා දීමද මෙම සම්මාන උළෙ‍ලේ අරමුණක් වී තිබේ.
ක්‍රිස්බ්‍රෝ ආයතනය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන අතර, ජාතික පාසල් කනිෂ්ඨ මලල ක්‍රීඩා සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහය ඇතිව සම්මාන උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදු කෙරෙයි.
ක්‍රිස්බ්‍රෝ මීළඟ ශූරයා වැඩසටහනක් සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9.30ට ‘චැනල් අයි‘ නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන අතර, ඛිපඪඵඡපධ ව්ඥයබ ඛිඩචථන ෆේස් බුක් පිටුව හරහා ආර්ථික ප්‍රශ්න ඇති උදව් ලබාදිය යුතු මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජනතා සහයෝගයෙන් ක්‍රීඩා භාණ්ඩ ලබාදීමද සිදු කෙරෙයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.