lakbima.lk

කළුතර විදුහ‍ලේ දෙනෙත්ට ආසියානු චෙස් පදක්කම් 3ක්

පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැති ආසියානු ශූරතා පාසල් චෙස් තරගාවලියේදී රිදී පදක්කම් තුනක් දිනා ගනිමින් දස්කම් දැක්වීමට කළුතර විද්‍යාලයේ දෙනෙත් දුලාවින් ලියනගේ සමත් විය.

වස්කඩුව සිට්රස් හෝටලයේදී ආසියාතික රටවල් 15ක සහභාගිත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී අවුරුදු 7න් පහළ වයස් කාණ්ඩයේ රැපිඩ්, බ්ලිට්ස් සහ ස්ටෑන්ඩර්ඩ් යන අංශ තුනෙන්ම රිදී පක්කම් දිනා ගැනීමට දෙනෙත් දුලාන්වින් සමත් විය.

කළුතර විද්‍යාලයීය ඉතිහාසයේ චෙස් ක්‍රීඩකයකු ලද ඉහළම ජයග්‍රහණය ලෙස මෙය වාර්තා වන අතර, දෙනෙත්ගේ උපදේශක ලෙස තුසිත ජයලත් මහතා කටයුතු කරයි.

ජනක හෙට්ටිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.