lakbima.lk

අරුණ සහ අමාෂා අවසන් පූර්ව වටයට

පින්ලන්තයේ පැවැත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ (අවු. 20න් පහළ) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අරුණ දර්ශන (මී. 400) සහ අමාෂා ද සිල්වා (මී. 100) ඊයේ (11දා) සමත් වූහ.
මේ අනුව අරුණ සහ අමාෂා සහභාගි වන අවසන් පූර්ව තරග අද (12දා) පැවැත්වේ.
බාලක මීටර් 400 ඉසව්වේ මූලික වටයේ තරග 7ක් පැවැති අතර, එහි 3 වැනි තරගයට සහභාගි වූ අරුණ දර්ශන තත්පර 46.81ක කාලයක් සටහන් කර ගනිමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය.
මේ අනුව මූලික වටයේ තරග 7දී ක්‍රීඩකයන් 24 දෙනකු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර, එම ක්‍රීඩකයින් 24 දෙනාගේ කාල ගණනයන් අනුව අරුණට 6 වැනි ස්ථානය හිමිවී තිබේ.
මේ අතර ඊයේ කාන්තා මීටර් 100 මූලික වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ අමාෂා ද සිල්වා තත්පර 11.75ක කාලයක් සටහන් කරමින් 5 වැනි ස්ථානයට පත්වෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය.
අවන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් 24 දෙනාගේ කාලය ගණනය කිරීම් අනුව අමාෂා 19 වැනි ස්ථානයේ පසුවෙයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.