lakbima.lk

ශ්‍රී ලංකා ‘ඒ’ සිව්දින ක්‍රිකට් තරගාවලිය ජය ගනියි

ශ්‍රී ලංකා ‘ඒ’ සහ බංග්ලාදේශ ‘ඒ’ අතර සිල්හෙට්හිදී පැවැති තෙවැනි සිව්දින ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 38ක ජයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ තරගාවලිය 1-0ක් ලෙස ජය ගත්තේය.
බංග්ලාදේශ ‘ඒ’ මුල් ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 167ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 312ක් රැස් කළ අතර, බංග්ලාදේශ ‘ඒ’ට ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 145ක ඉලක්කයක් හිමිවුවද ඔවුන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 107ක් පමණි.
මලින්ද පුෂ්පකුමාර ලකුණු 46ට කඩුලු 6ක් බිඳ
හෙළමින් බංග්ලාදේශ ‘ඒ’දෙවැනි ඉනිම බිඳ දැමූ අතර, ඔහුට අනගි සහයක් ලබා දුන් ෂෙහාන් ජයසූරිය සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම වෙනුවෙන් ශතකයක් රැස් කළ ෂෙහාන් ජයසූරිය තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, ලහිරු තිරිමාන්න තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබිය.
ලකුණු තත්ත්වය :-
බංග්ලාදේශ ‘ඒ’ මුල් ඉනිම - 167යි
ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම - 312යි
ෂෙහාන් ජයසූරිය 142, සම්මු අශාන් 60, මනෝජ් සරත්චන්ද්‍ර 33, මලින්ද පුෂ්පකුමාර 27, සන්සාමුල් ඉස්ලාම් 104/4, මුස්ටාෆිසූර් රහමන් 44/3, නයීම් හසන් 95/2
බංග්ලාදේශ ‘ඒ’ දෙවැනි ඉනිම - 107යි
සෞම්‍ය සකාර් 28, මලින්ද පුෂ්පකුමාර 46/6,
ෂෙහාන් ජයසූරිය 23/2, ප්‍රභාත් ජයසූරිය 22/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.