lakbima.lk

පාරමී සහ දිල්ෂි මූලික වටයෙන්ම ඉවතට

පින්ලන්තයේ පැවැත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා (අවු. 20න් පහළ) තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ (10දා) සිය තරග ඉසව්වලට සහභාගි වූ පාරමී වසන්ති මාරිස්ටෙලා සහ ශ්‍යාමලී දිල්ෂි කුමාරසිංහට මූලික වටයෙන්ම ඉවත්ව යාමට සිදුවිය.

බාලිකා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ මූලික වටයේ තෙවැනි තරගයට සහභාගි වූ පාරමී වසන්ති මාරිස්ටෙලා මිනිත්තු 10.20.12ක කාලයක් සටහන් කරමින් 5 වැනි ස්ථානයට පත්වූවාය.

මෙම ඉසව්වේ මුලික වටයේ තරග 3ක් පැවැති අතර, සමස්ත තරග තුනේම ක්‍රීඩිකාවන්ගේ තරග නිමි කාලයන් ගණනය කිරීම් අනුව පාරමී 21 වැනි ස්ථානයට පත්වූවාය.

මෙම තරගයේ අවසන් තරගයට ක්‍රීඩිකාවන් 15 දෙනකු සුදුසුකම් ලබා ගත්තාය.

ඊයේ බාලිකා මීටර් 800 ඉසව්වට සහභාගි වූ ශ්‍යාමලී දිල්ෂි කුමාරසිංහ මූලික වටයේ සිව්වැනි තරගයට සහභාගි වී මිනිත්තු 2.12.91ක කාලයක් සටහන් කරමින් 7 වැනි ස්ථානයට පත් වූවාය.

මෙම ඉසව්වේ මූලික වටයේ තරග 4ක් පැවැති අතර, අවසන් පුර්ව වටය සඳහා ක්‍රීඩිකාවන් 16ක් සුදුසුකම් ලැබුවාය.

ක්‍රීඩා උළෙ‍ලේ දෙවැනි දිනය වන අද (11දා) ශ්‍රී ලංකා කණ්ඩායම් නායක අරුණ දර්ශන බාලක මීටර් 400 මූලික වටයේ තරගයටද, අමාෂා ද සිල්වා බාලිකා මීටර් 100 මූලික වටයේ තරගයටද සහභාගි වෙති.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.