lakbima.lk

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජංගම දුරකථන ජාලය වන හච් සමාගම 9 වැනි වරටත් ශ්‍රී ලංකා යුධ හමුදා ඇකඩමිය විසින් සංවිධානය කරනු ලබන ෆොක්ස්හිල් සුපර්ක්රොස් මෝටර් රථ තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙයි. 
 
ඡායාරූපයේ දැක්වෙන්නේ දියතලාව, ශ්‍රී ලංකා යුද හමුදා ඇකඩමියෙහි අණදෙන නිළධාරී බ්‍රිගේඩියර් එස්.කේ. එෂ්වරන් මහතා වෙත හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී තිරුකුමාර් නඩරාසා මහතා වෙතින් අනුග්‍රාහකත්වය ලබා දෙන අයුරුයි. 
 
ෆොක්ස්හිල් සුපර්ක්රොස් ජ්‍යෙෂ්ඨ උපදේශක හා සාමාජික අනුග්‍රාහක කමිටු නිළධාරී ඒ.එස් අසීම්  මහතා, නියෝජ්‍ය අණදෙන නිළධාරී බ්‍රිගේඩියර් කොටවත්ත සහ මේජර් රෝහණ උඩරටගේ මහතාද ඡයාරූපයේ වෙති.
 

ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛ පාසල් අතර තුන්වැනි වරටත් පැවැත්වෙන සහාය දිවීමේ ක්‍රීඩා තරගාවලිය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ඕල්කට් ශ්‍රීමතාණන් විසින් පිහිට වූ, මහනුවර ධර්මරාජ, කොළඹ ආනන්ද, කුරුණෑගල මලියදේව, ගාල්ල මහින්ද, කොළඹ මියුසියස් හා විශාඛා විද්‍යාල ඇතුළු තවත් පාසල් රාශියක බාලක බාලිකාවන් මේ සඳහා සහභාගී වූහ.
පසුගිය වසරේ මෙම තරගාවලිය මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මෙහෙයවීමෙන් පවත්වන ලද අතර 2019 වසරේ මෙම තරගාවලිය සංවිධානය කුරුණෑගල මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා එම විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛව විද්‍යාලයේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

මෙම ක්‍රීඩා තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා සභාපති වූයේ නියෝජ්‍ය මහ ‍ලේකම් ධුරය හොබවන නීල් ඉද්දවෙලය.

පාසල් අවධියේ මාණ්ඩලික, දිස්ත්‍රික්, පළාත්, සමස්ත ලංකා හා ජාතික මට්ටමේ වාර්තා රැසක් හිමිකර ගත් මලල ක්‍රීඩකයෙකු වූ ඉද්දවෙල මහතා කොළඹ විශ්වවිද්‍යාලයේදී මලල ක්‍රීඩාව හා රගර් ක්‍රීඩාව සඳහා ද වර්ණ දිනා ගත්තෙකි.

අන්තර් වතු සමාගම් අතර වාර්ෂිකව පවත්වන රග්බි තරගාවලියේ 2019 වර්ෂය සදහා වු තරගය ඊයේ (30) දවස පුරා හැටන් දරවල ඩි.එම්.සි.සි ක්‍රිඩාංගණයේදි පැවත්වුණි.

දික්ඔය ඩි.එම්.සි.සි   ක්‍රිඩා සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සත් සමාජික රග්බි තරගාවලිය කුසාලානය, පලග ශුරතාවය, සහ බෝල කුසලානය යනුවෙන් ඉසව් තුනකට පැවැත්විය.

2019 රග්බි තරගාවලියේ  ප්‍රධාන ආරාධිතයා වශයෙන් පිල්ලේෂ් වැවිලි සමාගයේ ප්‍රධාන විධායක නිලධාරි සහ අධ්‍යක්ෂක දුෂාන් රත්වත්ත මහතා සහභාගි විය.

2019 අන්තර් වතු සමාගම් සත් සමාජික රග්බි තරගාවලිය සදහා වතු සමාගම් 13 රග්බි ක්‍රිඩකයන් තරග වැදුණු අතර 2019 අන්තර් වතු සමාගම් සත් සමාජික රග්බි ශුරතාවය 33- 0 වශයෙන් තලවකැලේ වැවිලි සමාගම විසින් දිනාගනු ලැබිය.

මෙම තරගාවලියේ පලග ශුරතාවය මල්වත්ත වැවිලි සමාග විසින් හිමි කර ගත් අතර, බෝල කුසලානය ඇල්පිටිය වැවිලි සමාගම විසින් හිමිකරගන්නා ලදි.

2019 සත් සමාජික රග්බි තරගාවලියේ දක්ෂතම රග්බි ක්‍රිඩකයාට හිමි කුසලානය තලවකැලේ වැවිලි සමාගමේ සරත් රණවිර ක්‍රිඩකයා  විසින් හිමි කරගන්නා ලදි.

කොළඹ විශාඛා විද්‍යාලය සහ නුගේගොඩ සුජාතා විද්‍යාලය අතර මොට්වානි අභියෝග්‍යතා දැල් පන්දු මහා රන් සටනේ සමාරම්භක තරගය 2019 මාර්තු 29 වැනි දින උදේ 9.00 ට කොළඹ තුර`ග තරග  පිටියේ දී පැවැත් වේ.

මේ වසරේ මහා රන් සටනේ සමාරම්භක ඉසව්වේ අනුග‍්‍රාහක දායකත්වය නුගේගොඩ සුජාතා විද්‍යාලය විසින් දරනු ලබන අතර ලබන වසරේ දී එය කොළඹ විශාඛා විද්‍යාලය විසින් දරනු ඇත. මේ ආකාරයට සෑම වර්ෂයකදීම මෙම පාසල් දෙක එහි අනුග‍්‍රාහකත්වය දරනු ඇත. මෙය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ කාන්තා විද්‍යාල දෙකක් අතර ඉදිරි වර්ෂවල දී වාර්ෂිකව පවත්වන්නට නියමිත තරග මාලාවක් සඳහා අඩිතාලමක් ලෙස සංවිධානය කෙරේ.

අභියෝග්‍යතා පළිහ ක්ලාරා මොට්වානි මහත්මියගේ නමින් නම්කොට තිබේ. ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ සහ නුගේගොඩ සුජාතා යන විද්‍යාල දෙකෙහිම විදුහල්පතිවරිය ලෙස කටයුතු කොට ඇත. මොට්වානි මහත්මිය කොළඹ විශාඛා විද්‍යාලයේ වසර ෙදාලහකුත් (12*, නුගේගොඩ විශාඛා විද්‍යාලයේ වසර විසි තුනකුත් (23* විදුහල්පතිවරිය ලෙස සේවය කොට ඇති අතර, සුජාතා විද්‍යාලයේ ප‍්‍රථම විදුහල්පතිවරිය ලෙස සේවය කොට ඇත්තේ ද ඇය ය.

ක්ලාරා මොට්වානි නමින් අභියෝග්‍යතා පළිහ නම් කිරීමේ තීරණය විද්‍යාල දෙක විසින්ම එ්කමතිකව සම්මත කරගන්නා ලදී.

ශ‍්‍රී ලංකාවේ බාලිකා පාසල් අතර ක‍්‍රීඩාව වර්ධනය කිරීමටත්, අන්තර් පාඨශාලා ක‍්‍රීඩා තරග ඇතිකිරීමටත් පූර්වාදර්ශයක් ලෙස විශාඛා සහ සුජාතා විද්‍යාල මේ මුල පිරීම ගෙන තිබේ.

කොළඹ විශාඛා විද්‍යාලයේ නායකත්වය උපානි රූපසිංහ විසින් ද, සුජාතා විද්‍යාලයේ නායකත්වය ලිලාෂා කෞෂල්‍යා විසින් ද දරනු ලබන අතර, මොට්වානි අභියෝග්‍යතා පළිහ ජයග‍්‍රහණය කිරීම සඳහා කණ්ඩායම් දෙකම එකිනෙකාට තර්ජනය වන ආකාරයේ දක්ෂ ක‍්‍රීඩාකාවන්ගෙන් සන්නද්ධව සිටී.

ප‍්‍රධාන මහා රන් සටනට අමතරව පාසල් දෙකෙන්ම 17 න් පහළ අභියෝග්‍යතා පළිහ සඳහා ද දැල් පන්දු තරගයක් පැවැත්වීමට නියමිතය. මේ ආකාරයේ තරගාවලි තුළින් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය සඳහා වැඩි වැඩියෙන් දායකත්වය ලබා දීමට බාල පරපුරට ධෛර්යයක් ඇති කරනු ඇත.

හොංකොංහි පැවැති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාවට බලා‍පොරොත්තුවූ දස්කම් දැක්වීමට නොහැකි වුවද රට වෙනුවෙන් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත හැකිවිය.

මෙම රිදී පදක්කම් දෙක දිනාදීමේ පූර්ණ ගෞරවය නවිෂ්ක සන්දීෂ්ට හිමිවීම කාගෙත් කතා බහට ලක්විය.
මොරටුව ශා.සෙබස්තියන් විදුහ‍ලේ සිසුවකු වන නවිෂ්ක සන්දීෂ් මීටර් 400 රිදී පදක්කම මෙන්ම මිශ්‍ර සහය දිවීමේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ අනාගතයේ තවත් ජාත්‍යන්තර පදක්කම් දිනා දෙන ක්‍රීඩකයකු පිළිබඳව ඉඟි පළ කරමිනි.

මීටර් 400 ඉසව්ව තත්.48.26 කින් නිම කරමින් ආසියාවේ ඉන්දීය ක්‍රීඩකයාට පමණක් දෙවැනිවූ නවිෂ්ක සටන්කාමී අවසානයක් සනිටුහන් කර තිබේ.

ඉන් පසු පැවැති මිශ්‍ර සහය තරගය මීටර් 1000 කින් සමන්විතවූ අතර එය මීටර් 100, මීටර් 200, මීටර් 300 සහ මීටර් 400 ක් ලෙස ධාවනය විය.

හිරුෂ හෂාන් මීටර් 100 ද මලින්ද පෙරේරා මීටර් 200 ද ඉසුරු අබේවර්ධන මීටර් 300 ද අවසන් කරන වට ශ්‍රී ලංකාව සිව්වැනි තැන බොහෝ පසුපසින් සිටියේ පදක්කම් බලා‍පොරෙත්තුව සුන්කර ගනිමිනි.

එහෙත් සුපිරි ධාවනයක නිරතවූ නවිෂ්ක ක්‍රම ක්‍රමයෙන් සෙසු ක්‍රීඩකයන් අභිභවමින් තම මීටර් 400 අවසන් කරන විට දෙවැනි ස්ථනයට පැමිණ ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දෙමින් ආසියාව හමුවේ ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබාදීමට සමත් විය.

මෙම ධාවනය පිළිබඳව නවිෂ්ක අගය කරමින් ආසියානු රටවල පුවත් පත් ලිපි පළකර තිබුණේ අනාගත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරුවක් ලෙස ඉඟි පළ කරමිනි.

මේ අතර මෙම ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට අමේෂා හෙට්ටිආරච්චි සමත් වූවාය.

මහනුවර විහාර මහාදේවි බාලිකාවේ සිසුවියක් වන අමේෂා සිය ඉසව්ව මි.1 තත්.01.42 කින් නිම කරමින් ආසියානු යොවුන් ක්‍රීඩා උළෙ‍ලේ පදක්කම් සටහනේ ශ්‍රී ලංකා නාමය ඔසවා තැබිමට සමත් වූවාය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙක් සහභාගිවූ අතර හිමිවූයේ රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් පමණි.

මෙම ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට චීනය සමත් විය.

මංගල ධර්මප්‍රේම

ඩේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූල්ස්ථානයේදී පැවැත්වේ. මෙහිදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඊයේ (07) පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ජය අත්විය.

එහිදී වියෙට්නාමයේ ක්වෑන්ග් න්ගුයෙන් හමුවේ, ශ්‍රී ලංකාවේ ටෙහාන් විජේමාන්න පරාජය වූයේ වට 2ට 0ක් ලෙසයි. වට 2ට 0ක් ලෙස චාතූර්ය නිලවීර හමුවේ වින් ට්‍රොන්ග් පරාජය විය.

මේ අතර ඩිල්වාන් හේරත් සහ චාතුර්ය නිලවීර සමග පැවැති යුගළ තරගයෙන් වියට්නාම ක්‍රීඩකයින් දෙදෙනා පරාජය වූහ. ඒ අනුව තරග 2ට 1ක් ලෙස තරගය ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

මෙම සුදුසුකම් ලැබීමේ තරග වටය කාණ්ඩ 4කින් ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව එහිදී තරග කරන්නේ ඩී කාණ්ඩයෙනි.

Page 1 of 8

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.