lakbima.lk

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 115 ක පහසු ජයක් ලබා ගැනීමට නවසීලන්තය අද සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට  නවසීලන්තය සමත් විය.

කාසියේ වාසිය දිනු ලසිත් මාලිංග මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවි ලකුණු 364ක් රැස්කිරීම සමත් විය.  ජයග්‍රහණය සඳහා ලකුණු 365 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.4 ක් තුළ ලකුණු 249 කට සීමා කිරීමට ලොකී ෆර්ගියුසන් සහ ඉෂ් සෝධි ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ෆර්ගියුසන් ලකුණු 40 කට කඩුලු 4 ක්ද, සෝධි ලකුණු 40 කට කඩුලු 3 ක්ද දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ. 

නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් (137) සහ හෙන්රි නිකොල්ස් (නොදැවී 124) ශතක ලබාගැනීමට සමත් වූහ. පන්දු 131 කදී වාර්තා වූ ටේලර්ගේ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 80 කදී වාර්තා වූ නිකොල්ස්ගේ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින් සමන්විත විය. 

සාර්ථක ආරම්භයක් ලබාදුන් උප නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 46ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 36ක් ලබා ලකුණු 66ක වේගවත් ආරම්භයක් ලබා දීමට සමත් විය. දෙවැනි තරගයේදී මෙන්ම අද තරගයේදීද වේගවත් පිතිහරඹයක නිතර වූ තිසර පෙරේරා පන්දු 63 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 80 ක් රැස්කල අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 43 හා දනුෂ්ක ගුණතිලක ලකුණු 31 රැස් කිරීමට සමත් විය.


අයර්ලන්ත ‘ඒ’ අයර්ලන්ත ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම හා  ශ්‍රී ලංකා ‘ඒ’  ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති පළමු සිවුදින තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’  ක්‍රිකට් කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට අද (07) සමත් විය.  
ශ්‍රී ලංකාව ලකුණු 42 ක ජයග්‍රාහි ඉලක්කය පන්දු වාර 6.5 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කළේ නිස්සංක නොදැවී 26 සහ අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී 16 රැස්කරමිනි.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (06) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු නවයක් දැවී ලකුණු 182 ක් රැස්කර සිටි අයර්ලන්ත ‘ඒ’ පිලේ දෙවැනි ඉනිම ලකුණු 196 කට සීමා විය.

නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටවුරන්ගන්හිදී පැවැති පළමු එක්දින තරඟයේදී නියමිත වේලාව තුළ පන්දුවාර 50යවා නිම කිරීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගට සිය තරඟ ගාස්තුවෙන් 20%ක මුදලක් දඩ ලෙස ගෙවීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව නියම කර තිබේ.

එසේම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් 10%ක මුදලක් දඩ බැගින් අය කර ගැනීමට පියවර ගෙන තිබේ.

වසරක් තුළ මාලිංගගේ නායකත්වය යටතේ යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත වේලාව තුළ ඕවර 50 යවා නිම කිරීමට අපොහොසත් වුවහොත් මාලිංගට එරෙහිව තරඟ තහනමක් පැනවෙනු ඇත.

නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටවුරන්ගන්හිදී පැවැති පළමු එක්දින තරඟය ලකුණු 45 කින් ජයගැනීමට නවසීලන්තය සමත් විය.  තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත හැකි විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට පසු පළමු පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 371ක් රැස් කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ලකුණු 138 රැස් කර ගැනීමට සමත් විය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 372 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 49 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 326 ක් පමණි. සිය සිව්වෙනි එක්දින ශතකය පන්දු 86කදී ලබා ගත් කුසල් ජනති පමණක් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් විය.


ශ්‍රී ලංකා නවසීලන්ත පළමු එක් දින තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත පිළ මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළහ. ඒ අනුව මේ වන විට  නවසීලන්තය පන්දු වාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 371ක් ලබා ගත්තේය. තිසර පෙරේරා, මාලිංග හා නුවන් ප්‍රදීප් කඩුලු 2බැ ගින් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 කඩුලු 2ක් දැවී ලකුණු 133 ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු වාර 30 කදී තවත් ලකුණු 239 ක් අවශ්‍යවේ.

නවසීලන්ත තරඟ සංචාරය තුළ දී අාබාධයකට ලක්වූ  අැන්ජලෝ මැතිව්ස් ෙවනුවට නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින හා 20-20 තරඟ සංචිතයට සධීර සමරවික්‍රම කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ෙත්රීම් කමිටුව තීරණය කර අැත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.