lakbima.lk

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය වෙත මුදල් නිකුත් කිරීම වහාම නතර කිරීමටත්, අන්තර්ජාතික ක්‍රිකට් තරග වලට සහභාගි වීම අත්හිටුවීමටත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පරිපාලන මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

දිගින් දිගටම කෙරෙන රජයේ අතපෙවීම් හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.
 

1992 දී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය (ටෙස්ට් තත්ත්වය) ලබාගත් සිම්බාබ්වේ රාජ්‍යය 2003 දක්වාම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සාර්ථක ගමනක් ගිය අතර 2003 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයටද සුදුසුකම් ලබාගත්තේය.

ලෝක කුසලාන අවසන් මහ තරගය ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම ප්‍රථම වරට ඊයේ (14) සමත් විය. නවසීලන්තය හා එංගලන්තය අතර අවසන් තරඟය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවත් විණි.  කාසියේ වාසිය දිනු නවසීලන්තය මුලින් පන්දුවට පහරදුන් අතර  තම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 241ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය  එංගලන්තය පන්දුවාර 50 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 241කි. කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන් සුපිරි පන්දුවාරයක් යවා තරඟයේ ජය තීරණය කිරීමට සිදු විය.

සුපිරි පන්දුවාරයේදි පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 15ක් රැස් කර ගැනීමට සමත් විය. තරගය ජය ගැනීමට ලකුණු 16 ක් රැස් කිරීමට නවසීලන්ත කණ්ඩායමට සිදුවූ අතර එම පන්දුවාරයේදී ද නවසීලන්තය ලකුණු 15ක් ලබා ගැනීම හේතුවෙන් සුපිරි පන්දුවාරයද සම තත්වයට පත් විය.

එහිදී කණ්ඩායම් දෙක ලබා ගත් හතරේ පහරවල් සංඛ්‍යාව අනුව තරඟයේ තීරණය ලබා දෙනු ලදී. එහිදී එංගලන්ත කණ්ඩායම හත‍රේ පහරවල් 22ක් සහ හයේ පහරවල් 2ක් එල්ල කර තිබූ අතර නවසීලන්ත කණ්ඩායම හතරේ පහරවල් 14 සහ හයේ පහරවල් 02 එල්ල කර තිබුණි. එහිදී නවසීලන්ත කණ්ඩායමට වඩා එංගලන්ත කණ්ඩායම හතරේ පහරවල් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට ජය හිමි විය.  

ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් ප්‍රථම අවස්ථාව මෙය විය.  

බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩංගණයේදී ඊයේ (11) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ට ජයක් හිමිකරගත් එංගලන්තය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තිරණය කළ අතර පන්දුවා 49කදී  සියළුම දෙනා දැවී ලකුණු 223 ලබා ගැනිමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කය හඹාගිය එංගලන්ත පිතිකරුවෝ ඕවර 32.1 ක් අවසානයේ එම ඉලක්කය පසුකර ගියහ. නායක ඔයින් මෝගන් (නොදැවී 45) සහ ජෝ රූට් (නොදැවී 49) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 79 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය තහවරු කළහ.

 
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව  වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායමත් සමත් වුණි.
 
ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එංගලන්තය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ඇත. 
 
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය  අතර තරඟය අද පැවැත්වෙයි.

ඉන්දියාව හා බංග්ලාදේශයට අතර ඊයේ පැවති ලෝක කුසලාන එක්දින තරඟයෙන් ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

 ඉන්දියාව ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය ස්ථීර කර ගැනීමට සමත් විය. ඒ අනුව ප්‍රසාද ලකුණු 13 ක් ලබා ඇති ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.

මෙම තරගයේ පරාජයත් සමගින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අතහැර ගැනීමට බංග්ලාදේශයට සිදුවිය.

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 314
(රෝහිත් ශර්මා 104, ලොකේෂ් රාහුල් 77, විරාට් කෝලි 26, රිෂාබ් පාන්ට් 48, මහේන්ද්‍ර සිං දෝනි 35, මුස්තෆිසුර් රොහෙමාන් 59/5)

බංග්ලාදේශය - ඕවර 48 කදී සියලු දෙනා දැවී 286
(ටමීම් ඉක්බාල් 22, සෞම්‍ය සාකර් 33, සකීබ් අල් හසන් 66, මුෂ්ෆිකුර් රහීම් 24, ලිටන් දාස් 22, සබීර් රෙහෙමාන් 36, මොහොමඞ් ශයිෆුඩීන් නොදැවී 51, ජස්ප්‍රීට් බුම්රා 55/4, හර්දීක් පාණ්ඩ්‍යා 60/3)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණූ සංඛ්‍යාව 338කි.
 
කොදෙව් ක්‍රීඩකයින්ට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 315 ක් පමණි.
 
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමට හැකිවිය.
 

Page 1 of 25

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.