lakbima.lk

ඕස‍්ට්‍රේලියාව ලකුණු 80කින් පාකිස්ථානය පරදවයි

ඕස්ට්‍රේලියාව හා පාකිස්ථානය අතර සාජාහිදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයෙන් ලකුණු 80ක ජයක් ලබා ගැනීමට ඕස‍්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (28) සමත් විය. දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියෙන් 3-0ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායමට හැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 266 ක් ලබාගැනීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 267ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 44.4ක් අවසානයේ සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 186ක් පමණි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඒරන් ෆින්ච් පන්දු 136 කදී ලකුණු 90ක් රැස්ගත් අතර එයට හයේ පහරක් සහ හතරේ පහර 5 අන්තරගත විය.  ග්ලේන් මැක්ස්වෙල් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 71 රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක විය.

පාකිස්තානය වෙනුවෙන් ඉමාම් උල්හක් පන්දු 72 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 46 ක් ලබාගත් අතර ඉමාඞ් වසීම් පන්දු 53 කදී ලකුණු 43 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 266
(ඒරන් ෆින්ච් 90, පීටර් හෑන්ඞ්කෝම්බ් 47, ග්ලේන් මැක්ස්වෙල් 71, ඇලෙක්ස් කේරි නොදැවී 25)

පාකිස්තානය - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 186  
(ඉමාම් උල්හක් 46, ෂොයිබ් මලික් 32, උමාර් අක්මාල් 36, ඉමාඞ් වසීම් 43, ඇඩම් සම්පා 43/4, පැට් කමින්ස් 24/3) 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.