lakbima.lk

ජෙහාන්-කිත්රුවන් සහ සඳුන් ශතක රැස් කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් එමර්ජින් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරගවලදී ශතක රැස් කිරීමට ජෙහාන් ඩැනියෙල් (කෝල්ට්ස්), කිත්රුවන් විතානගේ (ටැමිල් යූනියන්) සහ සඳුන් වීරක්කොඩි (එස්.එස්.සී.) සමත් වූහ.  පසුගිය වසරේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පි‍ලේ උප නායකත්වය දැරූ කෝල්ට්ස් පි‍ලේ ජෙහාන් ඩැනියෙල් යුද හමුදාවට එරෙහිව පන්දු 157කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 12ක් සමගින් වේගවත් ලකුණු 156ක් රැස් කළේය.

ටැමිල් යූනියන් පි‍ලේ කිත්රුවන් විතානගේ වරාය අධිකාරියට එරෙහිව ලකුණු 120ක් රැස් කළ අතර, එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සඳුන් වීරක්කොඩි රාගමට එරෙහිව ලකුණු 111ක් රැස් කළේය. මෙම තරගවලදී ටැමිල් යූනියන් වරාය අධිකාරියට එරෙහිවද, කළුතර නාගරික ක්‍රීඩා සමාජය නාවික හමුදාවට එරෙහිවද පළමු ඉනිමේ ජය වාර්තා කළේය.

මුවර්ස් සහ සැරසන්ස් අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වූ අතර, අනෙක් තරග ජය පරාජයෙන් තොරව අවසන් විය.  සඳකැන් පතිරණ (මීගමුව ක්‍රී.ස.), එරංග රත්නායක (කළුතර නාගරික) සහ පසිඳු මධුෂාන් (කළුතර නාගරික) යන පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කෝල්ට්ස්-යුද හමුදාව

කෝල්ට්ස්: පළමු ඉනිම - 359/6 (පන්දුවාර 74)

ජෙහාන් ඩැනියෙල් 156, විෂාද් රන්දික නොදැවී 50, හෂාන් දුමිඳු 49, සංගීත් කුරේ 36, අවිෂ්ක ප්‍රනාන්දු 28, සංජික රිද්ම 46/3, මලීෂ අළුත්ගෙදර 64/2

යුද හමුදාව: පළමු ඉනිම - 116/8 (පන්දුවාර 47) සංජික රිද්ම 56, ජෙහාන් ඩැනියෙල් 11/2, මහීෂ් තීක්ෂණ 17/2, නිපුන් රංශික 34/2

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ටැමිල් යූනියන්-වරාය අධිකාරිය

වරාය අධිකාරිය: පළමු ඉනිම - 53 (පන්දුවාර 22) බිනුර ප්‍රනාන්දු 12/4, ඉසුරු ධනංජය 5/2, රමිත් රඹුක්වැල්ල 14/2, තිලංග උදීෂන 20/2

ටැමිල් යූනියන්: පළමු ඉනිම - 335/8 (පන්දුවාර 74.4)

කිත්රුවන් විතානගේ 120, කමිඳු මෙන්ඩිස් 88, බිනුර ප්‍රනාන්දු 50, රමිත් රඹුක්වැල්ල 33, සිතාර ගිම්හාන් 22, ඩිල්ෂාන් ඉෂාර 62/3, අශේන් මලිත් 55/2

ටැමිල් යූනියන්ට පළමු ඉනිමේ ජයක්.

චිලව් මේරියන්ස්-බදුරලිය

බදුරලිය : පළමු ඉනිම - 253/6 (පන්දුවාර 56) සචින් ප්‍රනාන්දු 70, දෙනුවන් රාජකරුණා 45, පැතුම් මධුසංක 33, ශාලින්ද උෂාන් 28, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 27, නිමේෂ් විමුක්ති 77/3, චතුරංග ඩිල්ෂාන් 114/2

චිලව් මේරියන්ස්: පළමු ඉනිම - 59/1 (පන්දුවාර 11) යශෝධ ලංකා 22

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

එස්.එස්.සී.-රාගම

එස්.එස්.සී.: පළමු ඉනිම - 190/2 (පන්දුවාර 33) සඳුන් වීරක්කොඩි 111, චරිත් අසලංක නොදැවී 62

තරගය විසඳුමකින් තොරව අවසන් විය.

එන්.සී.සී.-මීගමුව

මීගමුව : පළමු ඉනිම - 250/9 (පන්දුවාර 79.1) ඇන්ජෙලෝ ජයසිංහ 54, ෂෙහාන් වීරසිංහ 48, ඩිලාන් ජයලත් 46, ෂිහාන් දිලශ්‍රී 35, ප්‍රශංසන ජයමාන්න 28, සචින් දල්පදාදු 26, අසිත ප්‍රනාන්දු 64/4, ලසිත් ඇඹුල්දෙණිය 50/2, චතුරංග ද සිල්වා 51/2

එන්.සී.සී.: පළමු ඉනිම - 89/7 (පන්දුවාර 31.4)

ඇන්ජෙලෝ පෙරේරා 35, චතුරංග ද සිල්වා 20, සඳකැන් පතිරණ 45/6

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

සී.සී.සී.-බි.ආර්.සී.

සී.සී.සී.: පළමු ඉනිම - 131/4 (පන්දුවාර 32) මිනෝද් භානුක නොදැවී 58, වනිඳු හසරංග 46, විකුම් සංජය 21/2

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

නාවික හමුදාව-කළුතර නාගරික

නාවික හමුදාව: පළමු ඉනිම - 109 (පන්දුවාර 39.1) ඩිල්ෂාන් ‍ලේකම්ගේ නොදැවී 30, පසිඳු මධුෂාන් 26/5, එරංග රත්නායක 38/5

කළුතර නාගරික: පළමු ඉනිම - 200 (පන්දුවාර 50.2) නිපුන ගමගේ 94, ගීත් පෙරේරා 27, එරංග රත්නායක 22, හෂින් ඩිල්මාන් 86/5, කවික ඩිල්ෂාන් 46

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.