lakbima.lk

කළණ මධුසංක දෙවැනි ශතකය ලබයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී සිය දෙවැනි ශතකය රැස් කිරීමට අවිස්සාවේල්ල සීතාවක ජාතික පාස‍ලේ කළණ මධුසංක සමත්විය.

කළණ මධුසංක රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද විදුහලට එරෙහිව ලකුණු 144ක් රැස් කරමින් සිය දෙවැනි ශතකය වාර්තා කළේය.

කොළඹ මහානාම විද්‍යාලයේ පවන් රත්නායක මොරටුව ශා. සෙබස්තියන් විදුහලට එරෙහිව ලකුණු 116ක් වාර්තා කළේය.

මහානාම-ශා. සෙබස්තියන්

ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 262/9 (පන්දුවාර 92) ජනිෂ්ක පෙරේරා 84, නිශිත අභිලාෂ් 47, ටාෂික් පෙරේරා 34, සුඛිත ප්‍රසන්න 67/3, ෂොනාල් ගමගේ 30/2, විහඟ රුහුණුගේ 46/2 

මහානාම: පළමු ඉනිම - 283/7 (පන්දුවාර 79.1) පවන් රත්නායක 116, ෂොනාල් ගමගේ 62, පවන්ත වීරසිංහ 49, විනුජ රණසිංහ 69/4

ශා. සෙබස්තියන්: දෙවැනි ඉනිම - 44/1 (පන්දුවාර 13)

දුනිත් ජයතුංග නොදැවී 33

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

සීතාවක මැදි විදුහල- රද්දොළුව ශ්‍රී  ප්‍රඥානන්ද

ශ්‍රී ප්‍රඥානන්ද: පළමු ඉනිම - 143 (පන්දුවාර 38.1) හංස ගුණවර්ධන 59, සචින්ත කුමාරසිංහ 20, බුද්ධි මධුෂාන් 52/5, අමෝද්‍ය හේෂාන් 15/3

සීතාවක: පළමු ඉනිම - 300/9 (පන්දුවාර 68) කළණ මධුසංක 144, මධුරංග ඩිළුක්ෂාන් 57, බුද්ධි මධුෂාන් 47, සසංක අභිමාන් 16/2, රවීෂ පියාර 58/2, සචින්ත කුමාරසිංහ 71/2

ශ්‍රී ප්‍රඥානන්ද: දෙවැනි ඉනිම - 180/4 (පන්දුවාර 37.3) හංස ගුණවර්ධන 89, ඉෂෝධ්‍ය යශෝර 41, සසංක අභිමාන් 33, බුද්ධි මධුෂාන් 51/2

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ශා. තෝමස්-පන්නිපිටිය ධර්මපාල

ධර්මපාල: පළමු ඉනිම - 103 (පන්දුවාර 46.4) දුලාජ් එගොඩගේ 29, අමිල දයානක 20, මලිත් සඳකැළුම් 19, උමයංග සුවාරිස් 21/3, රන්දිව් ගුණසේකර 12/2, තෙවින් ඊරියගම 14/2

ශා. තෝමස්: පළමු ඉනිම - 201/5 (පන්දුවාර 39) උමයංග සුවාරිස් නොදැවී 60, රවිඳු ද සිල්වා 40, ඩිල්මින් රත්නායක 29, ශලින් ද මෙල් 23, සිතාර හපුහින්න 20, චමිඳු සමරසිංහ 74/3

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.