lakbima.lk

ශ්‍රී ලංකා-බංගලිදේශ සටනින් ආසියානු කුසලාන හෙට ඇරඹේ

ආසියාවේ ක්‍රිකට් දැවැන්තයන් ගැටෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරගයෙන් හෙට (15 දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වෙයි.
මෙවර තරගාවලියේදී ඉන්දියාව, පාකිස්තානය සහ හොංකොං ‘ඒ’ කොටසින් තරග වදින අතර ශ්‍රී ලංකාව, බංගලිදේශය සහ ඇෆ්ගනිස්තානය ‘බි’ කොටසින් තරග වදියි.
පළමු වටය අවසානයේ ඛාණ්ඩ දෙකෙන් කණ්ඩායම් දෙක බැගින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන අතර එම වටයේදී වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය ලබන 28 දා ඩුබායිහිදී පැවැත්වේ.
තරග 8 ක් ඩුබායිහිදීද තරග 5 ක් අබුඩාබිහිදීද පැවැත්වෙන අතර මූලික වටයේ ශ්‍රී ලංකාව සහ බංගලිදේශය අතර තරගය ඩුබායිහිදීත් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය අබුඩාබිහිදීත් පැවැත්වේ.
ශ්‍රී ලංකාව මෙවර ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් තරගවදින අතර ආබාධයක් හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට තරගාවලිය අහිමිවිය.
ඩුබායි බලා ගිය ධනුෂ්ක ගුණතිලක ආබාධයක් හේතුවෙන් යළි දිවයිනට කැඳවූ අතර, ඒ වෙනුවට ෂෙහාන් ජයසූරිය අද ඩුබායි බලා පිටත්ව යයි.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි එක්දින සහ 20-20 වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග වසරකට පසු ශ්‍රී ලංකා පිලට එක්වී සිටීම කැපී පෙනෙයි.ඉන්දීය නායක විරාත් කෝලි තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර රෝහිත් ෂර්මා ඉන්දීය පි‍ලේ නායකත්වය දරයි.
පාකිස්තානු පි‍ලේ නායකයා ලෙස සෆ්රාස් අහමඩ් කටයුතු කරන අතර තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.බංගලිදේශ පි‍ලේ නායකයා ලෙස මෂ්රෆි මොර්ටාසා කටයුතු කරන අතර ප්‍රහාරක පිතිකරු ෂබිර් රහමන් කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
ඇෆ්ගනිස්තාන පි‍ලේ නායකයා ලෙස ඇෂ්ගර් ඇෆ්ගන් කටයුතු කරන අතර රෂීඩ් ඛාන් සහ මුජිබ් උර් රහමන් සමගින් සුපිරි දඟ පන්දු යවන්නන් සිව්දෙනෙකු කණ්ඩායමට කැඳවා තිබිම විශේෂත්වයකි.
අන්ෂුමාන් රාත් හොංකොං පි‍ලේ නායකත්වය දරන අතර සුදුසුකම් ලැබිමේ තරගාවලියේ අවසන් මහ තරගයෙන් එක්සත් අරාබි එමීර් පරදවමින් හෙංකොං ආසියානු කුසලානට සුදුසුකම් ලැබිය.
මෙවර තරගාවලියේදී සියලුම කණ්ඩායම් දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත බැවින් කුසලාන දිනා ගැනීමට තියුණු සටනක් පවතින බව කණ්ඩායම් නායකයෝ පවසති.ශ්‍රී ලංකාව 6 වරක්ද, ඉන්දියාව 5 වරක්ද, පකිස්තානය දෙවරක්ද, ආසියානු කුසලාන දිනා ඇති අතර බංගලදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං මතෛක් ආසියානු කුසලාන දිනා නොමැත.

ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ෂෙහාන් ජයසූරිය, තිසර පෙරේරා, දසුන් ශානක, ධනන්ජය ද සිල්වා, අකිල ධනන්ජය, දිල්රුවන් පෙරේරා, අමිල අ‍පොන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග

ඉන්දීය සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ෂිකර් ධවාන්, ලා්කේශ් රාහුල්, අම්බති රයිදු, මනිෂ් පාන්ඩේ, කෙදර් ජදාව්, මහේන්ද්‍ර සිං දෝනි, දිනේෂ්
කාර්තික්, හාර්දික් පාන්ඩ්යා, අක්ෂා පටෙල්, කුල්දීප් යදාව්, යුස්වෙන්දර් චහාල්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා, ෂර්දුල් ථාකූර්, කලීල් අහමඩ්

පාකිස්තානු සංචිතය
සෆ්රාස් අහමඩ් (නායක), ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, ෂාන් මසූඩ්, බාබර් අසාම්, ෂොයබේ මලික්, හැරිස් සොහෙල්, අසීෆ් අලී, මොහොමඩ් නවාස්, ෆහීම් අෂ්රෆ්,ෂඩාබ් ඛාන්, මොහොමඩ් අමීර්, හසන් අලී, ජුනේඩ් ඛාන්, උස්මාන් ඛාන්, ෂහීන් අෆ්රිඩි

බංග්ලාදේශ සංචිතය
මෂ්රාෆි මොර්ටාසා (නායක), ෂකිබ් අල් හසන්, තමීම් ඉක්බාල්, මොහොමඩ් මිතුන්, ලිට්න් දාස්, මුෂ්ෆිකාර් රහීම්, අරිෆුල් හක්, මහමදුල්ලා, මොසඩැක් හොසේන්, නස්මුල් හොසේන්, මෙහෙඩි හසන් මිරාස්, නස්මුල් ඉස්ලාම්, රුබෙල් හොසේන්, මුෂ්ටාෆිසූර් රහමන්, අබු හයිඩර්

ඇෆ්ගනිස්ථාන සංචිතය
ඇෂ්ගර් ඇෆ්ගන් (නායක), මොහොමඩ් ෂෙෂාඩ්, ජාවඩ් අහමදි, රමත් ෂා, සමිඋල්ලා ෂෙන්වාරි, හස්මතුල්ලා ෂහිඩි, නජිබුල්ලා සර්දාන්, මොහොමඩ් නබි, උලාබ්ඩීන් නේබ්, රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහුමාන්, අෂ්ටාබ් අලාබ්, උෂාන්උල්ලා ජනට්, ෂයිබ් ෂිර්සාඩ්, වෆ්ඩාර් මුනීර්, අහමඩ් කකාර්

හොංකොං
අන්ෂුමාන් රාත් (නායක), නිසාකාත් ඛාන්, බාබර් හයට්, කේ.ඩී. ෂා, සී. කාටර්, ඒෂාන් ඛාන්, අයිසාස් ඛාන්, එස්.එස්. මැකෙචිනි, තන්වීර් අෆ්සාල්, හේසන් නවාස්, නදීම් අහමඩ්

මංගල ධර්මප්‍රේම ඩුබායි සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.