lakbima.lk

ශ්‍රී ලංකා-ඉන්දියා කාන්තා ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

ශ්‍රී ලංකා-ඉන්දියා කාන්තා ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (11දා) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ආරම්භ වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන කාන්තා ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත් එක්දින තරග 3ක් මෙම තරගාවලියට ඇතුළත් වෙයි.

මීට අමතරව මෙම කණ්ඩායම් දෙක අතර 20-20 තරග 5ක්ද පැවැත්වේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම චමරි අතපත්තු වෙත පැවරී ඇති අතර, ඉන්දීය පිල මිතලි රාජ් විසින් මෙහෙයවනු ලබයි.

එක්දින තරගාවලියේ පළමු සහ දෙවැනි තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 11දා සහ 13දා පැවැත්වෙන අතර, තෙවැනි  තරගය ලබන 16දා කටුනායක චිලව් මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය සමගින් තරග 6කට සහභාගිවී ඇති අතර, එම තරග 6ම පරාජයට පත්වී ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටියි.

ඉන්දියාව මේ වන විට තරග 6කට සහභාගි වී තරග 2ක් ජයගෙන ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවෙයි.

අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ ලකුණු සටහනේ ඉහළටම යාමට කණ්ඩායම් දෙකටම මෙම තරගාවලිය තීරණාත්මක වී තිබේ.

එක්දින තරගාවලියෙන් අනතුරුව තරග 5කින් සමන්විත 20-20 තරගාවලිය ලබන 19දින සිට 25දින දක්වා කටුනායක චිලව් මේරියන්ස්, කොළඹ කෝල්ට්ස් සහ කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගෙන පැවැත්වේ.

තරග සටහන

සැප්. 11දා - පළමු එක්දින තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්. 13දා - දෙවැනි එක්දින තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

සැප්. 16දා - තෙවැනි එක්දින තරගය - කටුනායක චිලව් මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

සැප්. 19දා - පළමු 20-20 තරගය - කටුනායක චිලව් මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

සැප්. 21දා - දෙවැනි 20-20 තරගය - කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

සැප්. 22දා - තෙවැනි 20-20 තරගය - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී

සැප්. 24 - සිව්වැනි පන්දුවාර 20-20 තරගය - සී.සී.සී. ක්‍රීඩාංගණයේදී

සැ. 25දා - පස්වැනි 20-20 තරගය - කටුනායක චිලව් මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.