lakbima.lk

විනෝද්ගේ පිතිහරඹයෙන් වත්තල ශා. ජෝසප් අර්ධ අවසන් පූර්ව වටයට

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයේදී හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව ලකුණු 182ක් රැස් කිරීමට වත්තල ශා. ජෝසප් විද්‍යාලයේ විනෝද් වීරසේකර සමත්විය.

වත්තල ශා. ජෝසප් නායක විනෝද් වීරසේකර ලකුණු 182 රැස් කිරීම සඳහා පන්දු 132ක් වැය කර තිබූ අතර, ඊට  හතරේ පහර 35ක් අන්තර්ගත විය.

තෙවැනි වටයේ තරගවලදී ජය වාර්තා කරමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට වත්තල ශා. ජෝසප් විද්‍යාලය, කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය, මොරටුව ශා. සෙබස්තියන් ‘බි’ පිල සහ  ‍පොල්ගහවෙල ශා. බර්නදෙත්  විද්‍යාලය සමත් විය.

වත්තල ශා. ජෝසප්-හික්කඩුව ශ්‍රී සුමංගල

ශා. ජෝසප්: 425 (පන්දුවාර 48.4) විනෝද් වීරසේකර 182, මල්ෂික ප්‍රනාන්දු 59, ෂෙනොල්

රුවිෂ්ක 36, හිමාල් හංසක 82/4, රසිඳු කුමාර 64/2

ශ්‍රී සුමංගල: පළමු ඉනිම - 179 (පන්දුවාර 34.4) සචික විනෝද් 55, කල්හාර ප්‍රනාන්දු 8/4

ශා. ජෝසප් විද්‍යාලයට ලකුණු 246ක ජයක්.

කිරිඳිවැල මැදි විදුහල-හලාවත ආනන්ද

හලාවත ආනන්ද: 95 (පන්දුවාර 40) පවර මනීෂ 19/3, කුෂාන් කාවින්ද 12/2, රවිෂ්ක චමත් 13/2, විභුති ප්‍රියාන් 29/2

කිරිඳිවැල : පළමු ඉනිම - 96/1 (පන්දුවාර 17.2) විභුති ප්‍රියාන් නොදැවී 30, කුෂාන් කාවින්ද නොදැවී 25

කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

‍පොල්ගහවෙල ශා. බර්නදෙත්-හොරණ ශ්‍රීපාලි

ශා. බර්නදෙත්: 354 (පන්දුවාර 49) උදුල රණසිංහ 97, රිෂිඩ් ෂරෝෂ් 65, පසිඳු ජවන්ස 59, එස්. සංකල්ප 63/4, එච්. හිම්සර 55/2

ශ්‍රීපාලි: පළමු ඉනිම - 215 (පන්දුවාර 42.5) එස්.ඒ. පෙරේරා 97, හර්ෂ අමරසිංහ 38/3, විහඟ කසුන් 33/2

ශා. බර්නදෙත්  විද්‍යාලයට ලකුණු 139ක ජයක්.

ශා. සෙබස්තියන් ‘බි’-කොළඹ රාජකීය ‘බි’

රාජකීය ‘බි’: 178 (පන්දුවාර 49.3) ෂැනියන් සේනාරත්නආරච්චි 63, සදේන් අබේගුණවර්ධන 31, ක්‍රිෂේන් බණ්ඩාර 29/3, යෙනාල් හේමචන්ද්‍ර 36/3

ශා. සෙබස්තියන් ‘බි’: පළමු ඉනිම - 182/6 (පන්දුවාර 40.2) නිෂේන් ප්‍රනාන්දු 66, තිහෂ මෙන්ඩිස් 42, ඩෑන් ජයේෂ් 23/3

ශා. සෙබස්තියන් ‘බි’ පිලට කඩුලු 4ක ජයක්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.