lakbima.lk

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට හොංකොං තේරෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබිම සඳහා පැවැති එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං අතර අවසන් තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කළ හොංකොං ආසියානු කුසලානට සුදුසුකම් ලබා ගත්තේය.
මේ අනුව හෙංකොං ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය සමග මූලික වටයේදී තරග වැදීමට නියමිතව තිබේ.
වර්ෂාවෙන් බාධා වූ මෙම තරගය පන්දුවාර 24කට සීමා වූ අතර, මුලින්ම පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පන්දුවා 24දී කඩුලු 9ක් දැවී ලකුණු 176ක් ලබාගත් අතර, හොංකොං පන්දුවාර 23.3කදී කඩුලු 8ක් දැවී ලකුණු 179ක් ලබමින් ජය වාර්තා කළේය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.