lakbima.lk

අකිල ධනංජයට ආසියානු කුසලාන පළමු තරග දෙක අහිමිවෙයි

ශ්‍රී ලංකා පි‍ලේ වත්මන් එක්දින අංක එකේ දඟ පන්දු යවන්නා වන අකිල ධනංජයට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක අහිමි වන ලකුණු පහළ වී තිබේ.  සිය කුළුඳුල් බිලිඳා අපේක්ෂාවෙන් සිටින අකිල ධනංජයට පළමු තරග දෙකට සහභාගි වීමට නොහැකිවනු ඇති බව වාර්තා වෙයි.

මේ අතර 20-20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඇඟිල්‍ලේ ආබාධයකට ගොදුරු වූ දිනේෂ් චන්දිමාල් තවමත් පූර්ණ සුවය ලබා නොමැති බවද වාර්තා වෙයි.  මේ පිළිබඳව අවසන් තීරණය මෙම සති අන්තයේ ගැනීමට නියමිතව ඇති අතර, චන්දිමාල් තරගාවලියෙන් ඉවත් වුවහොත් ඔහුගේ ස්ථානයට නිරෝෂන් දික්වැල්ල නම් කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පිල ලබන සතියේ මුලදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ලබන 15දා ඩුබායිහිදී පැවැත්වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.