lakbima.lk

පාකිස්තානු ක්‍රිකට් සභාපති තනතුර එෂාන් මානිට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපතිවරයකු වන එෂාන් මානි මහතා පාකිස්තානයේ නව ක්‍රිකට් සභාපතිවරයා ලෙස පත් වී තිබේ. පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට අගමැති ධුරයට පත් වීමත් සමගම හිටපු සභාපති නජාබ් සේති ධුරයෙන් ඉවත් කළේය.

මේ අනුව පැවැති නිලවරණයේදී සභාපති ධුරයට එෂාන් මානි මහතා පමණක් නාම යෝජනා භාර දීම නිසා ඔහු නිතරගයෙන් පත්වී තිබේ. 1989 සිට පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කර ඇති එෂාන් මානි මහතා 2003 සිට 2006 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය ඉසිලීය.

එෂාන් මානි මහතා වසර 3ක් පාකිස්තානු ක්‍රිකට් සභාපති ධුරයේ කටයුතු කිරීමට නියමිතව තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.