lakbima.lk

පන්නිපිටිය ධර්මපාල නව ක්‍රීඩාංගණය විවෘත වෙයි

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පුහුණු තණතීරු 7කින් සමන්විත නව ක්‍රීඩාංගණය විවෘත කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.
අක්කර පහමාරකින් සමන්විත මෙම ක්‍රීඩාංගණයේ නව ක්‍රිකට් තණතිල්ල සහ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 17කට වැඩි මුදලක් මේ වන විට වැයවී ඇති අතර, තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිත්වය දැරූ සමයේ මේ සඳහා ප්‍රධාන මූල්‍ය දායකත්වය ලබාදී තිබේ.
එම අවස්ථාවේදී ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර  කිහිපයක්ද විද්‍යාලයට ලබා දීමට සුමතිපාල මහතා කටයුතු කර තිබේ.

නිසල් යොවිදු - හෝමාගම
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.