lakbima.lk

ඉන්දියාව එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය පරාජය වෙයි

ඉන්දියාව සහ එංගලන්තය අතර සවුත්හැම්ප්ටන්හි පැවැති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 60ක ජයක් වාර්තා කළ එංගලන්තය එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය 3-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට ලබාගත හැකිවූයේ ලකුණු 184ක් පමණි.
මෙම තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඉනිම දෙකේදී කඩුලු 9ක් බිඳ හෙලූ මොයින් අලී තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ලකුණු තත්ත්ව :
එංගලන්තය මුල් ඉනිම - 246යි
සෑම් කරන් 78, මොයින් අලී 40, ජස්ප්‍රිට් බුම්රා 46/3, ඉෂන්ට් ෂර්මා 26/2, මොහොමඩ් ෂමී 51/2,
ඇෂ්වින් 40/2
ඉන්දියාව මුල් ඉනිම - 273යි
පුජාරා නොදැවී 132, විරාත් කෝලි 46, මොයින් අලී 63/5, ස්ටුවර්ට් බ්‍රෝඩ් 63/3
එංගලන්තය දෙවැනි ඉනිම - 271යි
ජොස් බට්ලර් 69, ජෝ රූට් 48, සෑම් කරන් 46, කේට්න් ජෙනින්ග්ස් 36, මොහොමඩ්
ෂමී 57/4, ඉෂන්ට් ෂර්මා 36/2
ඉන්දියාව දෙවැනි ඉනිම 184යි
විරාත් කෝලි 58, අජින්කෙයා රහානේ 51,
ඇෂ්වින් 25, මොයින් අලී 71/4, ඇන්ඩර්සන් 33/2, ස්ටෝක්ස් 34/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.