lakbima.lk

වසරකට පසු මාලිංග ශ්‍රී ලංකා පිලට නම් කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇති අතර, වසරකට පසු ලසිත් මාලිංග ශ්‍රී ලංකා පිලට කැඳවා තිබේ.  35 හැවිරිදි ලසිත් මාලිංග පසුගිය සැප්තැම්බර් මාසයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගි වී නොමැති අතර, පසුගිය 20-20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් මත මෙම තේරීම සිදුකර තිබේ.

මේ අතර නිරෝෂන් දික්වැල්ල සහ ලක්ෂාන් සඳකැන්ට ස්ථාන අහිමි වී ඇති අතර, අමිල අ‍පොන්සු සහ දිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳවා තිබේ.

ආබාධයකට ලක්වීමෙන් පසු 20-20 ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ දුෂ්මන්ත චමීර යළි කැඳවා ඇති අතර, තහනමකට ලක්වී සිටි ධනුෂ්ක ගුණතිලක යළි කණ්ඩායමට එක්වී තිබේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 15දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, ධනන්ජය ද සිල්වා, අකිල ධනන්ජය, දිල්රුවන් පෙරේරා, අමිල අ‍පොන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග

අතිරේක :- ෂෙහාන් මධුෂංක, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල

මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.